අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

ඔබගේ USB පෙන් එක පාස්වර්ඩ් එකක් දමා ලොක් කරගන්න


ඔබගේ USB පෙන් එක පාස්වර්ඩ් එකක් දමා ලොක් කරගන්න

එදිනෙදා පරිගණක භවිතයේදී දත්ත හුවමාරු කිරීම සදහා අප නිතරම භාවිතා කරන්නේ USB Flash Drives (පෙන් ඩ්‍රයිව්ස්). සමහර අවස්ථා වලදී අප විවිධ පෞද්ගලික දත්ත පෙන් ඩ්‍රයිව්ස් වල ගබඩා කරනවා. පෞද්ගලික ඡායාරූප, වැදගත් ලියකියවිලි මෙවැනි කුඩා උපකරණයක ගබඩාකොට තැබීම තරමක අනාරක්ෂිත කටයුත්තක්. ඔබගේ පෙන් එක පාස්වර්ඩ් දමා ආරක්ෂා කර තැබීම එය අන් අයෙකුගේ අතට පත් වුණොත් සිදුවන හානිය වළක්වා ගැනීමට රුකුලක් වෙනවා. මෙම ලිපිය මගින් අප අවධානය යොමු කරන්නේ කුඩා නමුත් ඉතා විශ්වාසනීය මෘදුකාංගයක් වෙත. එමගින් ඉතා පහසුවෙන් ස්ථාපනය කිරීමකින් තොරවම ඔබගේ පෙන් ඩ්‍රයිව් එක ආරක්ෂා කරගත හැකියි.

මෙම මෘදුකාංගය ඔබගේ පෙන් ඩ්‍රයිව් එක මෙන්ම පරිගණකයේ ඇති වැදගත් දත්තද ආරක්ෂා කිරීමට භාවිතා කළ හැකියි. මෙමගින් සම්පූරණ පෙන් ඩ්‍රයිව් එකම ලොක් වීමක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට එක් ෆෝල්ඩරයක් පමණක් ලොක් වනවා. එය තුළට ඔබගේ පෞද්ගලික දත්ත පිටපත් කර තැබීම කළ යුතුයි. පෙන් එකේ ඉතිරි ඉඩ සාමාන්‍ය පරිදි සියල්ලන්ටම භාවිතා කළ හැකියි. 
මෙහි ක්‍රියාකාරීත්වය තවදුරටත් විමසා බැලීමට මත්තෙන් පහත සබැඳියෙන්ගොස් මෙම මෘදුකාංගය බාගත කරගන්න. එය මෙගාබයිට් 2කටත් අඩුයි.


download කිරීම සදහා adfly site එක ආවම skip ad දෙන්න.

ඉහත සබැඳියෙන් ඩවුන්ලෝඩ් වන්නේ zip ගොණුවක්. එය ඔබට ලොක් කිරීමට අවශ්‍ය පෙන් ඩ්‍රයිව් එකට (හෝ හාඩ් ඩිස්ක් එක වෙතට) extract කරගන්න. Extract වූ පසු එහි Vault නම් ෆෝල්ඩරයක් ඇති බව ඔබට දක්නට ලැබේවි.
File-Structure
එය ඔබගේ ආරක්ෂිත සේප්පුවයි. Vault ෆෝල්ඩරය තුළට ඔබට අන් අයගෙන් රැක ගැනීමට අවශ්‍ය පෞද්ගලික දත්තයන් ඕණෑම එකක් කොපි කරන්න. මීළඟට ඔබ කළ යුත්තේ මෘදුකාංගය භාවිතා කිරීම සඳහා ප්‍රථම වරට Username සහ Password ලබාදීමයි. ඒ සඳහා Granite Portable Launcher ඩබල් ක්ලික් කරන්න. එවිට පහත පරිදි වින්ඩෝවක් ඔබට ලැබේවි.
Granite-Portable
එහි Username සහ Password කැමති ආකාරයකට ලබාදෙන්න check box එක ක්ලික් කර Login බට්න් එක ඔබන්න. එවිට ඔබගේ තිරය දකුණු පස පහළ කෙළවරට G අකුර සහිත කුඩා අයිකනයක් පැමිණෙනවා. ඒ මත ක්ලික් කර විට පහත පරිදි දැකගැනීමට පුළුවන්.
Start-Menu1
එම වින්ඩෝවේ එතරම් වැදගත් දෙයක් නැතත් නිඔතර භාවිතා වෙන වෙබ් අඩවි සඳහා සබැඳුම් කිහිපයක් ලබාදී තිබෙනවා. ඔබ ඉහත රූපයේ වින්ඩෝවෙන් Exit බට්න් එක එබූ පසු පෙර සඳහන් කළ Vault ෆෝල්ඩර් එක ලොක් වෙනවා. දැන් එය විවෘත කිරීමට, කොපි කිරීමට හෝ ඩිලීට් කිරීමට නොහැකියි. නැවත එය අන්ලොක් කිරීමට Granite Portable Launcher ඩබල් ක්ලික් කරන්න.
ඔබ වෙනත් පරිගණකයකට පෙන් එක සම්බන්ධ කළත් Granite Portable Launcher ඩබල් ක්ලික් කිරීමෙන් Vault ෆෝල්ඩර් එක ලොක් කිරීම සහ අන්ලොක් කිරීම සිදු කළ හැකියි.

මෙම මෘදුකාංගය භාවිතා කිරීම සඳහා ඔබගේ පෙන් ඩ්‍රයිව් එක NTFS ආකාරයෙන් ෆෝමැට් කර තිබිය යුතුයි.
 

ඔබේ සිම්ප‍තෙන් වැඩගන්න සිම්ප‍ත ගැන නොදන්න කරුණු ටිකක්.




Dialog
  • සිම් එක කාගෙද - #132# 
  • තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# 
  • ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය# 
  • ගිණුමේ ශේෂය - *#456# 
  • අමතර අවශ්‍යතා - #107# 
  • සම්බන්දතාවය ගැන විස්තර #678# 
  • ණයක් ගන්න - #356# 
  • කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න.
  • එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න. 
  • Star Points බලාගන්න - #141# 
  • Call Waiting Activate කරන්න - *#43# 
  • Missed call Alert Active කරගන්න - **62*0777012012# 
  • Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) 
  • KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න.
  • පෙරගෙවුම් වයිෆයි පැය 2 - WIFI<space>50 පැය 4 -WIFI<space>100 පැය 12 - WIFI<space>200 පැය 20 WIFI<space>400 පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න. ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න. 
Mobitel 
  • සිම් එක ගැන විස්තර - #132# 
  • ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය# 
  • ගිණුමේ ශේෂය බලාගැනීමට - *100# 
  • ණයක් ගැනීමට - #247# 
  • ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල# 
  • GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222# 
  • M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න.
  • Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක ) 
Hutch 
  • සිම් එක ගැන විස්තර #132# 
  • ගිණුමේ ශේෂය *344# 
  • Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000# 
  • Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න 
  • Sms Free Hutch to Hutch පැකේජය *222# 
Etisalat 
  • සිම් එකේ විස්තර දැනගැනීමට #132# 
  • ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න. ගිණුමේ ශේෂය දැන ගැනීමට #134# 
  • Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න.
  • Call A tune සදහා *359 අමතන්න.
  • සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න.
  • mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න. 
  • Etisalat Service - #111# 
Airtel
සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570# 
ගිණුමේ ශේෂය දැන ගැනීමට *555# 
ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්# 
GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න. 
පසුගෙවුම් සබදතා සදහා 
Outstanding balance - *555*1# * Unbilled balance - *555*2# * Bill Summery - *555*3# * Payment Status - *555*4#


සුභ පැතුම් පත් හදාගන්න




අපිට විවිධ අවස්ථවලදි සුභ පැතුම් පත් ඕනෙ වෙනවා උදාහරණයක් විදිහට උපන් දින වලට.ඉතින් අපි කරන්නෙ මොකක්ද කඩෙන් ගිහිල්ලා එකක් ගන්න එක. ඒත් අද ඉඳන්නම් එහෙම ඕනෙ නෑ මොකද අපිට මේ සොෆ්ට්වෙයා එකෙන් ගේමක් නැතුවම සුභ පැතුම් පත් හදාගන්න පුලුවන්.මේකෙ එක එක කාඩ් වර්ග 5000ක් විතර තියනවා clipart 13000ක් විතර තියනව ඒක නිසා ලේසියෙන්ම අපිට කාඩ් හදාගන්න පුලුවන්,දන්නැති අය ඉන්නවනම් ඉගෙන ගන්න මේකෙ video tutorial තියනවා. එහෙනම් පහලින් බාගන්න.


http://lp.ezdownloadpro.info/doc/?q=Hallmark%20Card%20Studio%20Deluxe%20%282014%29%20DVD
downlode

ලේසියෙන්ම photo edit කරගන්න ඔන්ලයින් photo editing website ටිකක්.

ලේසියෙන්ම photo edit කරගන්න ඔන්ලයින් photo editing website ටිකක්.
මම අද දෙන්න යන්නෙ ලේසියෙන්ම ඔන්ලයින් අපේ ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන් වෙබ්සයිට් ටිකක්.photoshop වගේ ටිකක් ඉගෙන ගෙන කරන්න ඕනෙ ටිකක් අමාරු වැඩක් නෙමෙයි මේවගෙන් ලේසියෙන්ම ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන්.කාටත් තේරෙන සරල ඉන්ටෆේස් එකක් තමයි මේවගෙ තියෙන්නෙ.පොටෝශොප් තරම්ම බැරිවුනාට මේවගෙනුත් ගොඩක් හොඳට ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන්.බුකියෙ දවසින් දවස පොටෝස් දාන අයියලා අක්කිලාට මේක හෙන ප්‍රයෝජනවත් වෙයි ඈ. 
මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ කෙලින්ම වැඩේට බහින්න පුලුවං.

  1. http://pixlr.com/
  2. http://www.fotor.com/
  3. http://fotoflexer.com/
  4. http://ipiccy.com/
  5. http://www.photoshop.com/tools
  6. http://editor.pho.to/
  7. http://www.picmagick.com/
  8. http://www.ribbet.com/
  9. http://www160.lunapic.com/editor/

FB නොයාFB messege,Notifications,Home,Friend Requests බැලමු. මෙනන යාලුවනේ ලොව වේගවත්ම වෙබි බ්‍රවුසර් එක Baidu Spark Browser


ආයුබෝන් හැමෝටම ටික දවසකින්  වැඩ කෑල්ලක් දෙනනත් බැරි වුනා නේ කොල්ලට මේසැරේ  A/L xam නේ ඒක.යි හරි හරි ඔය අරව මෙව්ව වැඩක් නෑ මෙනන යාලුවනේ ලොව වේගවත්ම වෙබි බ්‍රවුසර් එක  Baidu Spark Browser,  බාන්ඩෙ නම් සුපිරි අහ්  මේ  Browser  එකේ මාර වැඩ කැලි ඕයි ති‍යෙන්නෙ විඩියෝ බානනත් පුලුවන් FB යන්නෙ නැතුව මැසේජ් බලන්න පුලුවන් මීට කලින් තිබුන ඒවට වඩා වැඩ මාර ලේසියි ස්පීඩ් එකත් තියනව නියමටම පොඩ්ඩකි වත් හිරවෙන්නෑ මේ බලහල්ලකො ලස්සන  IDM නැතුව ඕන මගුලක් පටස් ගාල බාගන්නත් පුලුවන් අපි දෙයක් දුන්නොත් ඉතින් දන්නව නේ........ 

2014 අවුරුද්දේ ලග්න අනුව පලාඵල බලන්න මෙතනින්.

2014 අවුරුද්දේ ලග්න අනුව පලාඵල බලන්න මෙතනින්.

Nishantha Perera

 

 
මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී නිශාන්ත පෙරේරා මහතා ඉදිරිපත් කරයි.

මේෂ ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

ඔබේ මූල්‍ය තත්වය සැලකූ විට බලාපොරොත්තු ඉෂ්ඨ කරගැනීමට ප‍්‍රභල ශක්තියක් මේ වසරේ උදාවේ. බොහෝ විට අනුන් යටතේ කරන කටයුතු වලට වඩා තමන්ගේ ස්වාධීන කටයුතු වලින් ඔබට ජයග‍්‍රහණය අත්කර ගත හැකි වසරකි. මේ වසර තුළ නිවසක් සෑදීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් නොවැම්බර් මස 2 වෙනිදාට පෙර ඒ සදහා කටයුතු කරන්න.

ගෘහ ජීවිතය

තරමක අවුල් ස්වභාවයක් දක්නට ලැබේ. දුර දිග නොබලා කරන ආයෝජන වලින් පාඩු ඇතිවේ. පවුලේ සමගියට බාධා ඇතිවන කාලයකි. බුද්ධිමත්ව උපේක්ෂා සහගතව කටයුතු කරීම වැදගත්.

සෞඛ්‍ය

ලේ විෂ වීම, විෂ බීජ ශරීර ගත වීම ඇතිවිය හැක. සුභ වර්ණය : නිල් සුභ දිනයන් : ඉරිදා, අගහරුවාදා පිළිවෙත් : ජය පිරිත සජ්ජායනා කරන්න. ඔබට සිරි සුභ නව වසරක් උදාවෙයි.
______________________________________________________________

වෘෂභ ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

රැකී රක්ෂා සාර්ථකයි. තනතුරු උසස් වීම් ලැබේ. ස්වයං රැකියාවක යෙදේ නම් නව ධන උපාය මාර්ග එළිපෙහෙලි වේ. ජංගම ව්‍යාපාර සදහා සුභ වසරකි. ජුනි 19 වෙනිදායින් පසු ශුභ පල ගෙන දේ.

ගෘහ ජීවිතය

බලාපොරොත්තු ඉටුවේ. දරුවන්ගේ කටයුතු සදහා වියදම් අධික වේ. එහෙත් ඔවුන් ගේ දක්ෂතා පිළිබදව සතුටු විය හැකිය. විවාහ ප‍්‍රමාද වූ අයට බලාපොරොත්තු ඉෂ්ධ කර ගැනීමට අන්‍යන්ගෙන් සහය ලැබේ. ඥාතීන් සහ අසල්වාසීන් සමග කටයුතු කිරමේ දී කල්පනාකාරී වන්න. යුග ජීවතයේ මත භේද ඇතිවේ.

සෞඛ්‍ය

රෝග මර්ධනය කරීමේ බලය හිමිවේ. ප‍්‍රතිශක්තීකරණය ඇතිවේ. සුළු සුළු වාත වේදනා ඇතිවේ. කල්පනාකාරී වන්න. සුභ වර්ණය : ලා නිල් සුභ දිනයන් : බදාදා, සිකුරාදා පිළිවෙත් : අමාවක පොහොය දිනක ඔබගේ වයසට ගැලපෙන අකාරයට පහන් දල්වන්න. මෝර පිරිත කියවා දවසේ වැඩ කටයුතු අරඹන්න. ඔබට සුභ පල අත්වේ.
______________________________________________________________

මිථුන ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

මූල්‍ය තත්වය අතින් භූමි ලාභ මෙන්ම මැණික් කර්මාන්තයේ යෙදෙන ඔබට අතමිට සරුවන වසරකි. ජුනි 19න් පසුව උරුමයන් පිළිබදව අපේක්ෂාවෙන් සිටියානම ඒවා සාර්ථකවේ.

ගෘහ ජීවිතය

පවුලේ සහජීවනය, දියුණුව ඉතාමත් ඉහල මට්ටමකට ගෙන දේ. දරුපල පිළිබදව ඇති ගැටලූ නිරාකරණය වේ. නොවැම්බර් 2 න් පසු විදේශ ගත වීමට හැකියාව ඇත.

සෞඛ්‍ය

සෙම් දෝෂ තත්වයන් ඇතිවේ. සුභ වර්ණය : කොළ සුභ දිනයන් : බදාදා, සිකුරාදා පිළිවෙත් : මේ වසර ජයග‍්‍රාහීව ගෙවීමට නම් අධ්‍යපනය ලබන වයසේ සිටින සාමනේර භික්ෂූන්ට, ඔබගේ ප‍්‍රදේශයේ සිටින දිළිදු දරුවන්ට, අධ්‍යාපනයට අවශ්‍ය පොත් බදාදා දිනක ලබා දෙන්න. ජය පිරත, නිතර ශ‍්‍රවණය කරන්න. එවිට ඔබට 2014 ජයග‍්‍රාහී වසරක් කර ගත හැකිය.
 ______________________________________________________________

කටක ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

නිෂ්පල විය පැහැදම් නිෂ්පල ගමන් ඇතිවේ. මේ වසරේදී නීති කරදර බාධා ඇතිවේ. ඉතා හොදින් සිතා බලා කටයුතු කරන්න. ජුනි 19න් පසුව ආර්ථික වශයෙන් යහපත් වේ.

ගෘහ ජීවිතය

නව නිවසක් සෑදීමට බලාපොරොත්තුවක් තිබුණානම් අපේ‍්‍රල් 28 ත් මැයි 23 වනදාත් අතර කාලය එයට සුභයි.

සෞඛ්‍ය

පවුලේ අයගේ සෞඛ්‍ය පීඩා වෙනුවෙන් වෙහෙස මහන්සිය ඇතිවේ. අනිවාර්යෙන්ම නිදන්ගත රෝග ඇතිවීමට ඉඩ ඇත. සුභ වර්ණය : ක‍්‍රීම සහ කහ සුභ දිනයන් : සදුදා, අගහරුවාදා පිළිවෙත් : ඡන්ද පිරිත සජ්ජායනා කිරීමෙන් අහිතකර ග‍්‍රහ රටාවන් මගහරවා ගත හැක.
 ______________________________________________________________

සිංහ ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

මූල්‍ය ශක්තිය බලවත් කර ගැනීමට හැකියාව ලැබෙන වසරකි. රහස් මාර්ග වලින් පවා ඔබට ධන මාර්ග පෑදේ. පිය පාර්ශවයේ ලැබීම වලට සුභයි. ව්‍යාපාර වලින් ලාභ ප‍්‍රයෝජන අත්වේ.

ගෘහ ජීවිතය

පවුලේ සමගිය සතුට වර්ධනය වේ. පි‍්‍රය සම්භාෂණ, විනෝද ගමන් යෙදේ. විදේශගත අයගෙන් පවා උදවු ලැබේ. පේ‍්‍රම සම්බන්ධතා ස්ථිර කරගැනීමට සහ මිත‍්‍ර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සුභ කාලයකි. නොවැම්බර් 2න් පසු සතුරු කරදර ඇතිවේ.

සෞඛ්‍ය

ලේ ගමන් කිරීමේ දෝෂ ඇතිවේ. සුළු අසනීපයකදි පවා ප‍්‍රතිකාර ගැනීම වැදගත්. සුභ වර්ණය : රතුසුභ දිනයන් : ඉරිදා, අගහරුවාදා පිළිවෙත් : සූරිය පිරිත සජ්ජායනා කරන්න. නැතිනම් ඉඹුල් වෘක්ෂයකට දවසේ ප‍්‍රථම රාජකාරිය ලෙස වතුර දමා දවස අරඹන්න. එවිට 2014 වසර සුභ කරගැනීමට ඔබට හැකිය.
 ______________________________________________________________

කන්‍යා ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

2014 සිංහල අලූත් අවුරුද්ද බොහෝ පල ලබයි. මූල්‍ය තත්වයට බාධා ඇතිවේ. ස්ථාන මාරු ඇති කරයි. ව්‍යාපාර ආදීන්ගේ සේවක ගැටලූ ඇතිවේ. උපේක්ෂා සහගතව කටයුතු කරන්න. ජුනි 19න් පසු දෝෂ ක‍්‍රමයෙන් පහව යයි.

ගෘහ ජීවිතය

යුග ජීවිතය තුළ ඉවසීම ප‍්‍රගුණ කළ යුතුයි. පිය පාර්ශවයේ සෞඛ්‍ය පීඩා වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවේ.

සෞඛ්‍ය

විෂ බීජ ශරීර ගතවීම හා චර්ම රෝග පිඩා ඇතිවේ. සුරතල් සතුන්ගෙන් ප‍්‍රවේසම් වන්න. සුභ වර්ණය : ලා නිල් සුභ දිනයන් : බදාදා, සිකුරාදා පිළිවෙත් : ගිලන් වයසක කෙනෙකුට උපස්ථාන කිරීමට, බෙහෙත් ඖෂධ ලබා දීමට ඔබට හැකි නම් මේ වසර ඔබට සුභදායක කර ගත හැක.
 ______________________________________________________________

තුලා ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

උත්සාහයෙන් කැපවීමෙන් ආත්ම විස්වාසයෙන් යුතුව ඔබේ කටයුතු කිරීමට හැකිවේ.

ගෘහ ජීවිතය

ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර අංශ වලට නැඹුරුවීමට ඉඩ ඇත. හුදකලා බවට ඇලූම් කරයි. අස්ථාන චෝදනා බහුල වේ. නොවැම්බර් 2 න් පසු මූල්‍ය අර්බුද ඇතිවේ.

සෞඛ්‍ය

යාන වාහන වල ගමන් කිරීමේ දී ප‍්‍රවේසම් වන්න. සුභ වර්ණය : සුදු සහ රතු සුභ දිනයන් : ඉරිදා, සදුදා පිළිවෙත් : මෝර පිරිත සජ්ජායනා කරන්න. දෙනෙත් ආශ‍්‍රිත ආබාධතා ඇති අයට ඉරිදා දිනයක ආහාර ලබා දීමට හැකි නම් 2014 වසරේදී සුභ පල අත්කර ගත හැක.
 ______________________________________________________________

වෘශ්චික ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

මේ වසර ඔබට ධන යෝග ඇති කරයි. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට ඉතා ඉහල ශක්තියක් ලැබේ.

ගෘහ ජීවිතය

නවතා තිබූ කටයුතු ආරම්භ කිරීමට හැකිවේ. පරම්පරාගත උරුමකම් පිළිබදව තිබූ ගැටලූ මග හැරේ. ජුනි මාසයේ මැද වන තුරු අනපේක්ෂිත කරදර බාධා ඇතිවේ.

සෞඛ්‍ය

ආහාර ජීරණයේදී දුර්වලතා ඇතිවේ. කල් පවතින උදරාබාධ තත්වයන් ඇතිවීමට ඉඩ ඇත. සුභ වර්ණය : කහ සුභ දිනයන් : ඉරිදා, සදුදා පිළිවෙත් : කලූතල, අංජන කැට, කලාදුරු ඇට, වී, පොරි, දේව දාර වැනි දේ වලින් ස්නානය කිරීම. ධර්ම දේශණා වලට පිරිකර පිදීමෙන් මෙන්ම මෝර පිරිත ශ‍්‍රවණය කිරීමට හැකි නම් 2014 වසර ඔබට සුභ වේ.
 ______________________________________________________________

ධනු ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

නව ධන යෝග මාර්ග එළිපෙහෙළිවේ. ජංගම ව්‍යාපාර සහ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව කටයුතු කරයි නම් ඔබට සුභපල ලැබෙයි. රැකී රක්ෂා බාධක ඉවත්වේ. ණය ගණුදෙනු වලදී දැඩි පරිත්‍යාගශීලීබව සහ අනුන් පමණට වඩා විශ්වාස කරීම ඔබට අවාසි ගෙන දේ.

ගෘහ ජීවිතය

පවුලේ අය සමග සහයෝගයෙන් නිදහස්ව කටයුතු කරීමට හැකිවේ. ජුනි 19න් පසුව දරුපල ආශ‍්‍රිත ගැටලූ නිරාකරණය වේ.

සෞඛ්‍ය

උෂ්ණ අධික බව ඇතිවේ. ආහාර පාන ආදිය පාලනයකින් යුතුව ලබා ගන්න. සුභ වර්ණය : රන්වන් සහ කහ සුභ දිනයන් : ඉරිදා, බ‍්‍රහස්පතින්දා පිළිවෙත් : ශීල ව්‍යාපාර වලට බෙලිමල් දන් දෙන්න. කලූතල, අංජන කැට, කලාදුරු ඇට, වී, පොරි, දේව දාර, සමන්පිච්ච තම්බා ස්නානය කරන්න. 2014 වසර ඔබට සුභ පල ලැබේ.
 ______________________________________________________________
මකර ලග්නය

ආර්ථික හා රැකියා තත්වය

මූල්‍ය තත්වය බලාපොරොත්තු අරමුණු ලගා කර ගැනීමට හැකිවේ. ආරථික සමෘධිය ඇතිවේ. පොළොවෙන් ලැබෙන සම්පත් වලට ඉතා යහපත් වන අතර කෘෂි කරමාන්ත කටයුතු කරන අයට, කලා අංශයේ නියුතු අයට සුභයි.

ගෘහ ජීවිතය

පවුල් ජීවිතය සුභයි දරුපල ගෙන දේ.

සෞඛ්‍ය

නීරෝගී සමපත්තිය ඇතිවන වසරකි. හන්දි ආශ‍්‍රිත වේදනා ඇතිවේ. ඉක්මන් ප‍්‍රතිකාර ලබා ගැනීම වැදගත්. සුභ වර්ණය : නිල් සහ කොළ සුභ දිනයන් : බදාදා සහ සිකුරාදා පිළිවෙත් : අට විසි පිරිත, ජය පිරිත ශ‍්‍රවණය කිරීම සහ පහසුකම් අවම දරුවන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමට හැකි නම් 2014 වසර ජයග‍්‍රාහී කරගත හැකිය.
  ______________________________________________________________

කුම්භ ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබේ. පසුගිය කරදර පීඩා ඉවත්ව යයි. උසස් අයගේ අනුග‍්‍රහය ලැබෙයි. ජුනි 19න් පසුව සතුරු කරදර ඇතිවේ. ඒ පිළිබදව කල්පනාකාරී වන්න.

ගෘහ ජීවිතය

පවුලේ දියුණූවට සුභයි. කීර්ති නාමය ඇතිවේ. විදේශ පදිංචි සදහා අපේක්ෂාවෙන් සිටියේනම් ඒවා සාර්ථකවේ. විවාහ ආදී කටයුතු ස්ථිර කරගැනීමට සුභ කාලයකි.

සෞඛ්‍ය

පසුගිය කාලය තුල සෞඛ්‍ය පීඩාවකින් පෙලෙන්නේ නම් ඔබට නැවත නිරෝගී සම්පත්තිය ලැබෙන වසරකි. උදරාබාධ වලින් ප‍්‍රවේසම් වන්න. සුභ වර්ණය : නිල්, කොළ සුභ දිනයන් : සෙනසුරාදා, සිකුරාදා පිළිවෙත් : සිකුරාදා දින වල නිර්මාංශ ආහාර ගන්න. දස දිශා පිරිත සජ්ජායනා කරන්න. ශ‍්‍රවණය කරන්න. එවිට 2014 වසර ජයග‍්‍රාහී කර ගත හැකිය.
  ______________________________________________________________

මීන ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

දුර දිග නොබලා කටයුතු කිරීමෙන් මූල්‍ය පාඩු ඇතිවේ. තමාගේ කටයුතු වලට අන්‍ය අයගේ මැදිහත්වීම බහුල වසරකි. ජුනි 19න් පසුව වසරේ මුල් භාගයේ පිහිටි මූල්‍යමය පීඩාවන් මග හැරේ.

ගෘහ ජීවිතය

යුග ජීවිතය තුළ කතාබහේදී එකිනෙකා අතර හිත් රිදීම් සහ මතභේද ඇති වීමට ඉඩ ඇත.

සෞඛ්‍ය

එතරම් යහපත් වසරක් නොවෙයි. සුළු අසනීපයකදි පවා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගන්න. සුභ වර්ණය: කහ, රන්වන් සුභ දිනයන් : අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා පිළිවෙත් : මෝර පිරිත, ජය පිරිත ඇසීමට සැලැස්වීමෙන් ඔබට 2014 වසර සුභ පල අත්කරගත හැක. 

අනිත් කෙනා ඉන්නේ කොහෙද කියලා බලන්න ක්‍රමයක්



අනිත් කෙනා ඉන්නේ කොහෙද කියලා බලන්න ක්‍රමයක්.



මේක ඇප් එකක්.මේකෙන් පුලුවන් ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක ඉන්නේ කොහෙද කියලා බලා ගන්න. ඇත්තටම මේක ගොඩක් ආරක්ශිත ක්‍රමයක්.

ඔබගේ දුව , පුතා ඉස්කෝලෙ ගියාද ,class එකට ගියාද , නැත්තම් සෙට් වෙලා Beach ගියාද ? :D

එතකොට ඔයගේ GF හෝ BF ඉන්නේ කොහේද , කොහේ හරි දුර පලාතක ඔයාගේ යාලුවෙක් යනවා නම් ඒයාට හරියට ඉන්න තැන මේ ඇප් එකෙන් බලලා යන්න ඕනේ පාර කියන්න , පිටරට ඉන්න යාලුවෝ කොහේද ඉන්නේ බලන්න , වගේ ගොඩාක් දේවල වලට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වටිනා Application එකක් මේක.

එක්කෙනෙක් විතරක් නෙවෙයි කීපදෙනෙක් ඉන්න තැන් එකපාර බලා ගන්නත් පුලුවන්.
වටිනම දේ තමයි මේ ඇප් එක 100% නොමිලේ ගන්න පුලුවන්.

S
creen shot
රූපය මත click කර ලොකු කර බලන්න.
මෙතනින් ගන්න එහෙනම් !
Android Os එක තියෙන අය
Apple IOS තියෙන අය
Official Site එකෙන් ගනන්වා නම් මෙතනින්

(Available on iOS and Android )

මෙහි අමතර වාසි
  1. Your family members can see each other, but no one else can see them.
  2. See hospitals, police and fire stations, as well as recent crimes and other threats.
  3. Use Family Channel™ to send short and sweet messages throughout the day.
  4. Only other family members can participate in group chats.
  5. Ditch potentially costly text messages.
මේක ඔයගේ පරිගණකයේ වැඩ කරගන්න පුලුවන්. ඒ ක්‍රමය මෙතනින් ගිහින් බලන්න.

ඉක්මනටම Video වලට Subtitle එකතු කරමු.





සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් Movies  , TV series බලන්නෙ සිංහල subtitle එක්ක. එතකොට original movie file එක වෙනමයි subtitle file එක වෙනමයි අරගෙන තමයි බලන්නෙ. සමහර වෙබ් අඩවි වෙනත් අය මහන්සියෙන් ලියපු subtitle files පොඩ්ඩක් වෙනස් කරල ආපහු තමන්ගෙ වගේ දෙන අවස්ථාත් තියෙනවා...


කොහොම උනත් මේ මෘදුකාංගයෙන් කරන්නෙ Subtitle file එක අදාල Video file එක තුලටම ඇතුලත් කරල තනි Video file එකක් output එක විදියට ගන්න එක. නමුත් මේ මෘදුකාංගය මූලිකවම නිපදවලා තියෙන්නෙ Video Converter කටයුතු සඳහා. ඒ නිසා ඔබට ඒ සඳහා මේක යොදා ගන්නත් පුළුවන්. ඇත්තටම මේකෙන් දැනට භාවිතයේ පවතින ඕනෑම format එකකට convert කරගන්න හැකියාව තියෙනවා.



ඔබ subtitle dub කරපු Video file එක ධාරිතාවයෙන් වැඩියි කියල ඔබට හිතෙනව නම් ඉතාම පහසුවෙන් ඊට වෙනස් file format එකකට convert කරලම Save කරගන්න පුළුවන්.. යම් Video file එකක් කොටස් දෙකකින් යුක්ත නම් ඒ කොටස් දෙකම එකතු කරල තනි file එකකට merge කරගන්නත් පුළුවන්.



මේක සම්පූර්ණයෙන් නොමිලේ දෙන මෘදුකාංගයක්. මේක ස්ථාපනය කරද්දි විවිධ tool bars Install කරන්න අහවි. ඒව skip කරන්න.. 


Image and video hosting by TinyPic


දැන් Video file එකකට subtitle ඇතුළු කර ගන්න හැටි බලමු.

  1.   සළකුණ මඟින් ඕනෑම format එකක Video file ඇතුළු කර ගන්න.
  2. අදාල Video file එකේ subtitle file එක මෙහි දක්වා ඇති ස්ථානයට බලා දෙන්න. 

       3.දැන් පහලින් ඇති කැමති format එකකින් ඔබේ Video file එක convert කරගන්න.

ඔබට කැමති තැනකින් Video එක cut කරන්න සහ සුළු සුළු editing කටයුතු කරන්න ඉහත ඇති "කතුරක" සළකුණ භාවිතා කරන්න පුළුවන්. කොළ පැහැති Play button එකෙන් අදාල video preview එකක් ලබා ගන්න පුළුවන්..

සුපරි පරිගණක විශ්මිත තොරතුරු!


සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor) දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දත්ත ගබඩා (HDD) ධාරිතාවය ටෙරා බයිට් ගණනක් සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ඳ කරන අධි වේගවත් දත්ත හුවමාරුවක්ද ඇත. 1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර වර්තමානයේ විවිධ කටයුතු රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක් යොදාගනී.
දැනට ලෝකයේ පවතින ප්‍රබලතම සුපිරි පරිගණකය ජපානයේ ෆුජිට්සු ආයතනයට (Fujitsu) අයත් K computer නම් සුපිරි පරිගණකයයි. එහි සකසන හැකියාව පෙටා ෆ්ලොප්ස් (petaFLOPS) 10.51කි . එහි SPARC64 VIIIfx වර්ගයේ දත්ත සකසන 88,000 සේවා පරිගණක රාක්ක 864 පුරා පැතිර ඇත.
සුපිරි පරිගණක ලෙස සලකන ලද්දේ එය හඳුන්වා දෙන ලද කාලයේදී සැකසුම් ධාරිතාව අතින් විශේෂයෙන්ම එහි ගණනය කිරීමේ වේගය අතින් ඉදිරියෙන්ම සිටි පරිගණක විශේෂයය. “සුපිරි පරිගණක (Super computer)” යන යෙදුම මුලින්ම පොදු භාවිතයට පැමිණියේ 1929 දී New York World පුවත්පත විසින්, IBM ආයතනය මඟින් කොළොම්බියා සරසවිය වෙනුවෙන් ගැනුම්කරුගේ ඉල්ලීම අනුව නිපදවන ලද විශාල ඵලක වෙත යොමු කිරීමෙනි.

ඉතිහාසය


60 දශකයේ දී හඳුන්වාදීමට යෙදුණු සුපිරි පරිගණක මුලික වශයෙන්ම නිර්මාණය වුයේ Control Data Corporation (CDC) හි සේමර් ක්‍රෙරේ විසින් වු අතර, 70 දශ‍කයේ දී ස්වකීය ආයතනයක් පිහිටුවීම සඳහා ක්‍රෙරේ CDC යෙන් ඉවත්ව යන තෙක්ම එයට වෙළෙඳපොලේ ප්‍රධාන තැනක් හිමි ව තිබිණි. අනතුරුව සුපිරි පරිගණක සඳහා හිමි ව තිබු වෙළඳපොල ‍කොටසෙහි ඉහළම ස්ථානය සිය නවතම නිර්මාණ සැලසුම් මඟින් පුරා වසර 5 ක් පුරාවට තමා සතු කර ගැනීමට ඔහු සමත් විය. කෙසේ වෙතත් ක්‍රෙරේ කිසිවිටෙකත් සිය නිර්මාණයට ‘Super computer (සුපිරි පරිගණක)’ යන යෙදුම භාවිතා නොකල අතර ඒ වෙනුවට ඔහු ‘computer (පරිගණක)’ යන යෙදුම වඩා ප්‍රිය කළේය. 80 දශ‍කයේ දී ඉන් දශකයකට එපිට මධ්‍ය පරිගණක වෙළඳපොල නිර්මාණය වීමට සමාන්තරව ප්‍රතිවාදි ආයතන විශාල ප්‍රමාණයක් ‍සුපිරි පරිගණක වෙළඳපොල ආක්‍රමණය කළ ද, 90 දශකයේ මැද භාගයේ දී ඇති වු සුපිරි පරිගණක වෙළඳපොල ඇඳ වැටීම (Super computer market crash)ත් සමඟම ඒවා කෙමෙන් වියැකී යන්නට විය. වර්තමානයේ දී සුපිරි පරිගණක යනු සාම්ප්‍රදායික ආයතන කිහිපයක් මඟින් (IBM, HP) නිමැවුණු, පරිශිලක අභිරුචිය අනුව තැනුණු, එක්තරා ආකාරයක නිර්මාණ සැලසුමක් ‍ ලෙස සැලකේ. එමෙන්ම IBM හා HP යන ආයතන වනාහි 80 දශ‍කයේ දී බිහි වු අනෙකුත් ආයතන වල අත්දැකීම් තමන් සතු කර ගැනීම සඳහා ඒවා මිලයට ගත් ආයතන ලෙස සැලකිය හැකිය.
YearSupercomputerPeak speed
(Rmax)
Location
2008IBM Roadrunner1.026 PFLOPSDoE-Los Alamos National LaboratoryNew MexicoUSA
1.105 PFLOPS
2009Cray Jaguar1.759 PFLOPSDoE-Oak Ridge National LaboratoryTennesseeUSA
2010Tianhe-IA2.566 PFLOPSNational Supercomputing CenterTianjinChina
2011Fujitsu K computer8.162 PFLOPSRIKENKobeJapan
2011Fujitsu K computer10.51 PFLOPSRIKENKobeJapan

සරල සැකැස්ම


සුපිරි පරිගණක තෑනීමට යොදාගන්නා දත්ත සකසන (CPU) සංස්කරණය (customize) කරනළද ඒවා වන අතර සාමාන්‍ය පරිගණක වල මෙන් නොව දත්ත සකසන විශාල ගණනක් එක්ව සමාන්තරව (parallel computing) දත්ත ගණන කටයුතු ආදිය කරගැනීම සදහා විශේෂයෙන් සකසා ඇත. දත්ත සකසන (CPU) වලට අමතරව ග්‍රැෆික දත්ත සකසනද (GPU) අද ලොව ප්‍රබල සුපිරි පරිගණක සදහා යොදාගනී. මෙයට හේතු වනුයේ ඒවායේ ඇති සුපිරි ගණනය කිරීමේ හැකියාවයි. අද ලොව ප්‍රබලතම සුපිරි පරිගණක හතරෙන් (4) තුනක්ම(3) තම කටයුතු සදහා ග්‍රැෆික දත්ත සකසන (GPU) සහ සාමාන්‍ය දත්ත සකසන (CPU) එක්ව දෙමුහුන්ව (Hybrid) යොදාගනී, කෙසේවෙතත් සම්පූර්ණයෙන්ම ග්‍රැෆික දත්ත සකසන සුපිරි පරිගණක සදහා යොදාගැනීමක් සිදුනොවේ.

ප්‍රමාණය


සුපිරි පරිගණකවල සුපිරි ගණන හැකියාව මෙන්ම ඒවා අත්කරගන්නා ඉඩ ප්‍රමාණයද දෙවෙනි නොවේ . වර්ග අඩි දහස් ගණනක් පුරා පැතිර ඇති ඩොලර් මිලියන, බිලියන ගණනින් වටිනා , එමෙන්ම මෙගා වොට් (MW) ගණනින් විදුලිය පරිභෝජනය කරන මෙම සුපිරි යන්ත්‍රවලින් පිටවන අධික තාපය සිසිල් කිරීමට සිසිලන පද්දති (cooling system) සදහාද විශාල විදුලි ප්‍රමාණයක් සහ මුදලක් වැයවේ.

මිනුම්දඬු


සුපිරි පරිගණකවල හැකියාල මනිනු ලබන්නෙ FLOPS (floating point operations per second) වලිනි. එනම් තප්පරයකට කළහැකි ඉපිලෙන ලක්ෂ ගණනය කිරීම් වලිනි. බොහෝවිට සුපිරි පරිගණක වල FLOPS ප්‍රමාණය ටෙරා සහ පෙටා (tera and peta) වලින් එනම් තප්පරයට ගණනය කිරීම් දහයේ 12වන බලයේ සිට 15 වන බලය දක්වා ප්‍රමාණයකින් මනිනු ලබයි. (teraflops and petaflops).

මෙහෙයුම් පද්දති

සුපිරි පරිගණකවල මෙහෙයුම් පද්දති ලෙස බොහෝවිට වේගවත් Linux සහ Unix මෙහෙයුම් පද්දති යොදාගන්නා අතර සුළු ප්‍රමාණයක් සදහා windows හා mac වැනි මෙහෙයුම් පද්දති යොදාගනී. මීට අමතරව මෙම මෙහෙයුම් පද්දති සමග විශේෂිත මෘදුකාංගද යොදාගනී.

අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputing)

සාමාන්‍ය සුපිරි පරිගණකයක් එකම භූගෝලීය පිහිටුමක එනම් එක් ස්ථානයකට කේන්ද්‍ර වී පවතී. එහෙත් විශාල භූගෝලීය ප්‍රදේශයක පැතිරුනු (distributed computing) පරිගණක හෝ server කැටිති (clusters) රාශියක් එක්ව තනි සුපිරි පරිගණකයක් ලෙස ක්‍රියාකරන අවස්ථාවන් හීදී ඒවා අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputers) ලෙස හදුන්වයි. ලක්ශ සංඛ්‍යාත පරිගණක , play station වැනි ක්‍රීඩා උපාංග හා වීඩියෝ කාඩ් (video/graphics card) වල පරිගණන බලය යොදාගන්නා මෙම කැටිතිවල (clusters) පරිගණන බලය සාමාන්‍ය තනි සුපිරි පරිගණකයකටත් වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකිය.
විවිධ රෝගාබාද ඇතිකරන බැක්ටීරීයා වයිරස ආදියේ ප්‍රෝටීන අණුක ව්‍යුහය තේරුම් ගැනීම සදහා පිහිටුවන ලද folding@home ව්‍යාපෘතිය අද ලෝකයේ පවතින විශාලතම සහ බලවත්ම අර්ධ පරිගණක ව්‍යාපෘතියයි. මෙහි පරිගණන බලයමේ වනවිට 10~ petaflops තරම් අති විශාල අගයක් ගනී. මෙම සුපිරි පරිගණක කැටිතියෙහි කොටසක් වී ඔබටත් මෙම පුන්‍ය කටයුත්ත සදහා දායකවියහැක. මේ ඒ සදහා එලකිරි සාමාජිකයන් ගෙනයන වැඩසටහනයි.(click)
SETI@home, MilkyWay@home, Mersenne Prime වැනි තවත් වැඩසටහන් රාශියක් සදහා මෙවැනි අර්ධ පරිගණක යොදාගන්න අතර ඒවායේහිද ඉතා අධික ගණනය කිරීමේ හැකියාවන් පවතී.
තවද අප කවුරුත් දන්නා හදුනන Google සෙවුම් යන්ත්‍රයට සම්බන්දව ලොව පුරා විසිරී පවතින පරිගණක server යන්ත්‍ර 450,000ක් එකට සම්බන්දව තැනන Google Cluster අර්ධ සුපිරි පරිගණකයේ ගණන හැකියාව 20~100 petaflops තරම් විශාල අගයක ගන්නා බව අනුමාන කරයි. එහෙත් එහි සබෑ තතු හෙලි නොකිරීමට Google සමාගම ක්‍රියා කරයි.

සුපිරි පරිගණක වල අනාගතය


1980 දශකයේ අග භාගයේ ඩොලර් මිලියන ගණනක් වටිනා වර්ග අඩි දහස් ගණන් වසා පැතිර තිබූ සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ අත රැදි නවීන ජංගම දුරකතනයේ තිබීබත් 1990 භාගයේ තිබූ වේගවත්ම සුපිරි පරිගණකවල බලය අද ඔබේ පුද්ගලික පරිගණකයේ අත්විදීමට හැකිවීමත් 2000 වර්ෂයේ තිබූ ප්‍රබලතම සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ වීඩියෝ කාඩ්පත්වල තිබීමෙනුත් කිව හැක්කේ පරිගණක තාක්ශණයේ වේගවත් දියුණුවයි.
“සුපිරි පරිගණක” යන යෙදුම පවා බොහෝදුරට අස්ථිරය. මන්ද අද දවසේ සුපිරි පරිගණකයක් හෙට වන විට සාමාන්‍ය පරිගණකයක් බවට පත්වීමට ‍බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ඇති බැවිනි. CDC හි මුල්ම පරිගණකය වු කලී සරලවම ඉතා වේගවත් අදිශ ‍සකසනයන්ය. මේවා එකල වු අනෙකුත් ආයතන වලින් ඉදිරිපත් කරන ලද වේගවත්ම පරිගණක වලට වඩා ආසන්න වශයෙන් දස ගුණයක් තරම් වේගවත් විය.
70 දශකය වන විට සුපිරි පරිගණක බොහෝමයක් වෙන් කර තිබුණේ ‍දෛශික සකසු ක්‍රියාත්මක කරවීමටය. එමනිසා ප්‍රතිවාදි තරඟකරුවෝ බොහොමයක් වෙළඳපොලට පිවිසිම සඳහා ඒ හා සමාන සකසු නිෂ්පාදනය කර අඩු මිලකට ලබාදීමට කටයුතු කලහ. 80 දශකයේ මුල හා මැද භාගය වන විට පිළිගත් සම්මතය බවට පත්ව තිබුණේ සමාන්තරව ක්‍රියාත්මක වු ප්‍රමාණවත් දෛශික සකසු සංඛ්‍යාවක් තිබෙන පරිගණකය. එක් පරිගණකයට අදාල දර්ශීය සකසු සංඛ්‍යාව 4 ත් 16 ත් අතර පරාසයක විය. 80 දශකයේ අග භාගය හා 90 දශකය වන විට ක්ෂේත්‍රයේ අවධානය දෛශික සකසු වෙතින් දහස් ගණනක් සාමාන්‍ය CPU භාවිතා කර සකසනු ලැබු සමාන්තර සකසු පද්ධති කරා යොමු ව තිබුණි. මෙම CPU සමහරක් off-the-shelf ආකාරයේ ඒවා වු අතර සමහරක් අභිරුචිකෘත නිර්මාණ විය. (මෙය පොදුවේ හාස්‍යජනක ආකාරයට “අති භයානක ක්ෂුද්‍ර ආක්‍රමණය ලෙස ද ව්‍යවහාර කෙරේ) අද වන විට ‍සමාන්තර නිර්මාණ off-the-shelf, server පන්තියේ අණු සකසු මත පදනම් වී තිබේ. මේ සඳහා උදාහරණ ලෙස Power PC, Itanium X 86-64 ගෙන හැර දැක්විය හැකි අතර, නුතන පරිගණක බොහොමයක් වෙළඳ සකසු මඟින් පිළියෙල වු ඉතා ඉහල තත්වයේ පරිගණක පොකුරක් වන මේවා අභිරුචික අන්තර් සබැඳි මඟින් සංයුග්ම කර ඇත.
අද තිබෙන අක්කර ගණන් විශාල සුපිරි පරිගණකවල බලය ඔබේ පුද්ගලික පරිගණකටය එන දිනය වැඩි ඈතක නොවනු ඇත.
සුපිරි පරිගණකවල ගණන හැකියාව 2011 වර්ෂය අවසන් වනවිට 20 petaflops (පෙටාෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2019 වනවිට 1000 petaflops හෙවත් 1 exaflops (එක්සෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2030 පමණ වනවිට 1000 exaflops හෙවත් 1 zettaflops (සෙටාෆ්ලොප්ස්) දක්වාද දියුණු කිරීමට විද්‍යාඥයින් අපේක්ශා කරයි.

Facebook සමාගමේ සුපරි පරිගණක 

ඔයාගේ Phone එක නැති වුනොත් මොකක්ද කරන්නේ?


ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක් ද, සමහර විටෙක වැදගත් sms පණිවුඩ, Memory card පතක් ඇත්නම් එහි ඇති පින්තූර, වීඩියෝ හෝ ගීත යනාදී දත්ත ද අපේ ජීවිතයේ කොටසක් වී හමාරයි. ඔබේ පුද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුව හොත් කුමක් සිදුවේ දැයි ඔබ සිතුවාද ?
නැවතත් අළුතෙන් ජංගම දුරකථනයක් මිලට ගත හැකි නමුත් ඔබේ නැතිවූ දුරකථනයේ ඇති දුරකථන අංක යනාදී දත්ත නැවත ලබාගත නොහැකියි. මිල කළ නොහැකි එවන් දත්ත සමූහයක් ඔබේ ජංගම දුරකථනයත් සමගම නැති වුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද ? අස්ථාන ගතවූ ජංගම දුරකථන සොයා ගැනීමට ඔබට සහාය වන්නට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC විශේෂ සේවාවක් දැන් ආරම්භ කර තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයත් අස්ථාන ගත වුවහොත් කලබල නොවී පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබේ දුරකථනය නැවත සොයා ගැනීම සඳහා යම් උත්සාහයක් ගත හැකියි.
සියල්ලටම පළමුව ඔබ විසින් දැන සිටිය යුතු වැදගත්ම කාරණය වන්නේ ඔබේ ජංගම දුරකථනයට අදාල IMEI අංකයයි.

ලෝකයේ නිෂ්පාදනය කෙරෙන සෑම දුරකථන උපාංගයක්ම වෙන වෙනම හඳුනාගැනීම සඳහා IMEI අංකය උපකාරී වේ. ශ‍්‍රී ලංකාව තුළ අළෙවි වන සෑම දුරකථනයකම IMEI අංකයක් තිබීම අනිවාර්යය වන අතර එසේ නොවන ඒවා ව්‍යාජ ජංගම දුරකථන විය හැකියි.
ඔබේ ජංගම දුරකථනයේ IMEI අංකය ලබාගැනීම සඳහා *#06# යන කේතය ඇතුළත් කරන්න. ඒ විගසින් ඔබට එබේ දුරකථනයේ IMEI අංකය දිස්වනු ඇත. මෙම අංකය පහසුවෙන් සොයාගත හැකි තැනක ලියා තබා ගන්න. නැතහොත් පරිගණකයේ හෝ අන්තර්ජාල ගිණුමක save කරගන්න.

ඔබේ ජංගම දුරකථනය හදිසියේම අස්ථාන ගත වූයේ නම් ඔබ එහි ෂඵෑෂ අංකය නොදැන සිටීමට ද ඉඩ ඇත.එවන් අවස්ථාවන් හිදී ඔබේ සිම්පතේ දුරකථන අංකය පරීක්ෂණ කටයුතු සඳහා ලබාදිය හැකියි. අදාල දුරකථන සමාගම වෙතින් TRC  ආයතනය  IMEI අංකය ලබාගනු ඇත.
ඔබේ ජංගම දුරකථනය අස්ථාන ගත වී ඇත්නම්, පළමුව ඔබේ වටපිටාව තුළ හොඳින් විපරම් කර බලන්න. බොහෝ විට ඔබේ ඇස නොගැටෙන මානයකදුරකථනය රැඳී තිබෙන්නට ද පුළුවන.
ඔබේ ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි ලෙසට අස්ථාන ගත වී ඇත්නම් හෝ, එය සොරකම් කරන ලද බවට ඔබට ස්ථිරවම විශ්වාස නම් ඔබ පළමුව කළ යුත්තේ ඔබේ ප‍්‍රදේශයට අදාල පොලිස් ස්ථානයේ ඒ පිළිබඳව දන්වා පැමිණිල්ලක් ගොනු කිරීමයි. එහිදී ඔබේ දුරකථනය මිලදී ගත් රිසිට් පත්, ඔබේ නමට පැමිණි දුරකථන බිල්, දුරකථනයේ IMEI අංකය හා සිම් පතේ දුරකථන අංකය යනාදිය පොලිසිය වෙත සැපයීම මගින් වඩාත් හොඳින් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එය සහායක් වන අතරම එමගින් ජංගම දුරකථනයට ඔබේ ඇති අයිතිය ද තහවුරු කළ හැකියි.
ඔබේ ජංගම දුරකථන අංකය රාජකාරී හෝ ව්‍යාපාරික මට්ටමෙන් භාවිතා කල එකක් නම් එය අන්සතු වූ විටෙකදී ඔබේ පෞද්ගලිකත්වයට හා ප‍්‍රතිරූපයට එයින් යම් හානියක් සිදුවිය හැකි බැවින් එම අංකය තාවකාලිකව විසන්ධි කරන ලෙස ඔබේ ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමෙන් ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා ඔබේ නම හා හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
ඔබ ගොනුකල පොලිස් පැමිණිල්ලේ පිටපතක් ද, ඊට අමතරව ඔබේ ජංගම දුරකථනයේ අයිතිය තහවුරු කෙරෙන සියළුම ලිඛිත සාක්ෂි ද සමගින් ඔබේ පැමිණිල්ල ලිඛිතව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුයි. සතියක් වැනි කාලයක් ඇතුළත ඔබට යම් තොරතුරක් ලැබෙනු ඇති. වැඩි විස්තර සඳහා පහත දැක්වෙන දුරකථන අංක භාවිතා කළ හැකියි.

011-2662215, 011-2662216, 011-2662222 (ටෙලිකොම් දුරකථන මගින් ගාස්තුවකින් තොරව ඇමතීමට හැකියි)
* 011-5376159  (ලංකාබෙල් සඳහා ගාස්තු රහිත)
* 011-4514067 (සන්ටෙල් සඳහා ගාස්තු රහිත)
* ක්ෂණික දුරකථන අංකය – 1900



 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel