අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

ඔයාගේ Phone එක නැති වුනොත් මොකක්ද කරන්නේ?

3:49 AM By Chenura Randimal No comments


ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක් ද, සමහර විටෙක වැදගත් sms පණිවුඩ, Memory card පතක් ඇත්නම් එහි ඇති පින්තූර, වීඩියෝ හෝ ගීත යනාදී දත්ත ද අපේ ජීවිතයේ කොටසක් වී හමාරයි. ඔබේ පුද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුව හොත් කුමක් සිදුවේ දැයි ඔබ සිතුවාද ?
නැවතත් අළුතෙන් ජංගම දුරකථනයක් මිලට ගත හැකි නමුත් ඔබේ නැතිවූ දුරකථනයේ ඇති දුරකථන අංක යනාදී දත්ත නැවත ලබාගත නොහැකියි. මිල කළ නොහැකි එවන් දත්ත සමූහයක් ඔබේ ජංගම දුරකථනයත් සමගම නැති වුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද ? අස්ථාන ගතවූ ජංගම දුරකථන සොයා ගැනීමට ඔබට සහාය වන්නට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC විශේෂ සේවාවක් දැන් ආරම්භ කර තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයත් අස්ථාන ගත වුවහොත් කලබල නොවී පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබේ දුරකථනය නැවත සොයා ගැනීම සඳහා යම් උත්සාහයක් ගත හැකියි.
සියල්ලටම පළමුව ඔබ විසින් දැන සිටිය යුතු වැදගත්ම කාරණය වන්නේ ඔබේ ජංගම දුරකථනයට අදාල IMEI අංකයයි.

ලෝකයේ නිෂ්පාදනය කෙරෙන සෑම දුරකථන උපාංගයක්ම වෙන වෙනම හඳුනාගැනීම සඳහා IMEI අංකය උපකාරී වේ. ශ‍්‍රී ලංකාව තුළ අළෙවි වන සෑම දුරකථනයකම IMEI අංකයක් තිබීම අනිවාර්යය වන අතර එසේ නොවන ඒවා ව්‍යාජ ජංගම දුරකථන විය හැකියි.
ඔබේ ජංගම දුරකථනයේ IMEI අංකය ලබාගැනීම සඳහා *#06# යන කේතය ඇතුළත් කරන්න. ඒ විගසින් ඔබට එබේ දුරකථනයේ IMEI අංකය දිස්වනු ඇත. මෙම අංකය පහසුවෙන් සොයාගත හැකි තැනක ලියා තබා ගන්න. නැතහොත් පරිගණකයේ හෝ අන්තර්ජාල ගිණුමක save කරගන්න.

ඔබේ ජංගම දුරකථනය හදිසියේම අස්ථාන ගත වූයේ නම් ඔබ එහි ෂඵෑෂ අංකය නොදැන සිටීමට ද ඉඩ ඇත.එවන් අවස්ථාවන් හිදී ඔබේ සිම්පතේ දුරකථන අංකය පරීක්ෂණ කටයුතු සඳහා ලබාදිය හැකියි. අදාල දුරකථන සමාගම වෙතින් TRC  ආයතනය  IMEI අංකය ලබාගනු ඇත.
ඔබේ ජංගම දුරකථනය අස්ථාන ගත වී ඇත්නම්, පළමුව ඔබේ වටපිටාව තුළ හොඳින් විපරම් කර බලන්න. බොහෝ විට ඔබේ ඇස නොගැටෙන මානයකදුරකථනය රැඳී තිබෙන්නට ද පුළුවන.
ඔබේ ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි ලෙසට අස්ථාන ගත වී ඇත්නම් හෝ, එය සොරකම් කරන ලද බවට ඔබට ස්ථිරවම විශ්වාස නම් ඔබ පළමුව කළ යුත්තේ ඔබේ ප‍්‍රදේශයට අදාල පොලිස් ස්ථානයේ ඒ පිළිබඳව දන්වා පැමිණිල්ලක් ගොනු කිරීමයි. එහිදී ඔබේ දුරකථනය මිලදී ගත් රිසිට් පත්, ඔබේ නමට පැමිණි දුරකථන බිල්, දුරකථනයේ IMEI අංකය හා සිම් පතේ දුරකථන අංකය යනාදිය පොලිසිය වෙත සැපයීම මගින් වඩාත් හොඳින් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එය සහායක් වන අතරම එමගින් ජංගම දුරකථනයට ඔබේ ඇති අයිතිය ද තහවුරු කළ හැකියි.
ඔබේ ජංගම දුරකථන අංකය රාජකාරී හෝ ව්‍යාපාරික මට්ටමෙන් භාවිතා කල එකක් නම් එය අන්සතු වූ විටෙකදී ඔබේ පෞද්ගලිකත්වයට හා ප‍්‍රතිරූපයට එයින් යම් හානියක් සිදුවිය හැකි බැවින් එම අංකය තාවකාලිකව විසන්ධි කරන ලෙස ඔබේ ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමෙන් ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා ඔබේ නම හා හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
ඔබ ගොනුකල පොලිස් පැමිණිල්ලේ පිටපතක් ද, ඊට අමතරව ඔබේ ජංගම දුරකථනයේ අයිතිය තහවුරු කෙරෙන සියළුම ලිඛිත සාක්ෂි ද සමගින් ඔබේ පැමිණිල්ල ලිඛිතව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුයි. සතියක් වැනි කාලයක් ඇතුළත ඔබට යම් තොරතුරක් ලැබෙනු ඇති. වැඩි විස්තර සඳහා පහත දැක්වෙන දුරකථන අංක භාවිතා කළ හැකියි.

011-2662215, 011-2662216, 011-2662222 (ටෙලිකොම් දුරකථන මගින් ගාස්තුවකින් තොරව ඇමතීමට හැකියි)
* 011-5376159  (ලංකාබෙල් සඳහා ගාස්තු රහිත)
* 011-4514067 (සන්ටෙල් සඳහා ගාස්තු රහිත)
* ක්ෂණික දුරකථන අංකය – 1900



0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel