අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

දුරකථන මෙහෙයුම් පද්ධති!

2:32 AM By Chenura Randimal No comments


කලකට පෙර දුරකථනයක් මිළදී ගැනීමේදී අප මුලින්ම සොයා බැලූවේ දුරකථනයේ මාදිලිය හා එහි විශේෂාංග පිළිබඳවයි. නමුත් වත්මන් ජංගම දුරකථන
පාරිභෝගිකයන් දුරකථනයක් මිළදී ගැනීමේදී පළමුව විමසන්නේ ජංගම දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධතිය කුමක් දැයි කියායි. එබැවින් ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට Mobile Phone සඳහා ලොව සුපතල මෙහෙයුම් පද්ධති හෙවත් OS පිළිබඳ මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරන්නට අපි අදහස් කළෙමු.
01. ANDROID
2007 දී google සමාගම මගින් හඳුන්වා දුන් Android මෙහෙයුම් පද්ධතිය දැනට ලොව වැඩිම ජංගම උපාංග ප‍්‍රමාණයක අඩංගු මෙහෙයුම් පද්ධතියයි. මෙය එකවර වැඩ රාශියක් කර ගැනීම හෙවත් Multi Tasking සඳහා නිමවුනු LINUX තාක්‍ෂණය මත පදනම් වූවකි.Android හි ක‍්‍රියා කරන වැඩසටහන් Apps ලෙස හැඳින්වෙන අතර මේ වන විට Android Appි 800,000 ක් පමණ ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. Android මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ කීපයක් මේ දක්වා නිකුත් කර ඇත. මෙම සංස්කරණයන් රසවත් කෑම වර්ග වල නම් වලින්, අකරාදී පිළිවෙලට නම් කර ඉදිරිපත් වීම ද මේවා ලොව පුරා ජනප‍්‍රිය වීමට තවත් හේතුවක් බව කිව හැකිය.
Android සංස්කරණ නාම

2. iOS හෙවත් ඇපල් iPhone මෙහෙයුම් පද්ධතිය
2007 වසරේ මුලින්ම මුදාහරින ලද මෙම මෙහෙයුම් පද්ධතිය iPhone හා iPod වැනි ඇපල් අයි උපාංග සඳහා නිර්මාණය වූවකි. මෙහිද ඇප්ස් විශාල ගණනක් ඩවුන්ලෝඩ් කළ හැකි ලෙස පවතින අතර මෙහි නවතම සංස්කරණය 2013 ජුලි මාසයේ ඉදිරිපත් කළ iOS හි 7 වන සංස්කරණයයි.
3. වින්ඩෝස් දුරකථන මෙහෙයුම් පද්ධතිය – Windows Phone OS

මයික්‍රෝසොෆ්ට් සමාගම නිෂ්පාදනය කළ මෙම මෙහෙයුම් පද්ධතිය මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ Pocket PC හෙවත් සාක්කු පරිගණක සඳහාය. 1990 පමණ සිට Microsoft සමාගම කල විවිධ පර්යේෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස ජංගම දුරකථන සඳහා පළමු මෙහෙයුම් පද්ධතිය Windows Mobile ලෙස ඉදිරිපත් කරනු ලදුව පසුව 2008 දී අත්හිටවන ලදී. 2010 දී Microsoft සමාගම Windows Mobile මෙහෙයුම් පද්ධතිය වෙනුවට Windows Phone නමින් නව මෙහෙයුම් පද්ධතියක් එළි දක්වන ලදී. Windows Phone 7 ලෙස 2010 අපේ‍්‍රල් මස එළි දැක්වූ මෙම මෙහෙයුම් පද්ධතියHTC, Dell, LG, Samsung හා Nokia උපාංග බොහොමයක දක්නට ලැබුන අතර මෙහි නවතම සංස්කරණය වන්නේ Windows Phone 8 මෙහෙයුම් පද්ධතියයි. මේ දිනවල නොකියා ලුමියා දුරකථන මාදිලිය සමග මෙම මෙහෙයුම් පද්ධතිය ජනප‍්‍රිය වෙමින් පවතී.
4. BlackBerry OS – RIM සමාගමේ බ්ලැක්බෙරි මෙහෙයුම් පද්ධතිය

Research in Motion හෙවත් RIM සමාගම මගින් නිර්මිත Blackberry මෙහෙයුම් පද්ධතිය ඔවුන් නිපදවූ සියලූම Blackberry ජංගම දුරකථන වල දැකිය හැකි මෙහෙයුම් පද්ධතියයි. අනෙකත් දුරකථන වල අඩංගු නොවන Track wheel, Track Ball, Touch Pad වැනි සුවිශේෂ Blackberry උපාංග සමග ක‍්‍රියා කිරීමට සැකසුනු මෙම මෙහෙයුම් පද්ධතිය තුල අනෙක් මෙහෙයුම් පද්ධති වල අඩංගු නොවන විශේෂ පහසුකම් කීපයක්ම අඩංගුය. Audio interface, Update හා එම මාදිලියේ දුරකථන අතර පමනක් චැට් පණිවුඩ යැවිය හැකි Blackberry Messenger (BBM) මෙයින් කීපයකි. නවතම Blackberry මෙහෙයුම් පද්ධතිය 10 වන අතර එය ඉතා අගනා මෙහෙයුම් පද්ධතියක් බව භාවිතා කරන්නන්ගේ මතයයි.
05. නොකියා සමාගමේ සිම්බ්යන් මෙහෙයුම් පද්ධතිය

බොහෝ Nokia දුරකථන වල හා මුල් කාලයේ Motorolla හා Sony Ericsson වැනි අනෙකුත් මාදිලිවල Smart දුරකථනයන්හී තිබූ මෙහෙයුම් පද්ධතිය වූයේ සිම්බියන්ය. Nokia සමාගම අවසන් වරට සිම්බියන් 3 නම් සංස්කරණයක් ගෙන ආ අතර දැනට නොකියා සමාගම සිම්බියන් මෙහෙයුම් පද්ධතිය ඔවුන්ගේ නවතම ස්මාට් දුරකථන වෙනුවෙන් භාවිතා නොකරයි.


0 comments:

Post a Comment

 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel