2014 අවුරුද්දේ ලග්න අනුව පලාඵල බලන්න මෙතනින්.
මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී නිශාන්ත පෙරේරා මහතා ඉදිරිපත් කරයි.
මේෂ ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
ඔබේ මූල්‍ය තත්වය සැලකූ විට බලාපොරොත්තු ඉෂ්ඨ කරගැනීමට ප‍්‍රභල ශක්තියක් මේ වසරේ උදාවේ. බොහෝ විට අනුන් යටතේ කරන කටයුතු වලට වඩා තමන්ගේ ස්වාධීන කටයුතු වලින් ඔබට ජයග‍්‍රහණය අත්කර ගත හැකි වසරකි. මේ වසර තුළ නිවසක් සෑදීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් නොවැම්බර් මස 2 වෙනිදාට පෙර ඒ සදහා කටයුතු කරන්න.ගෘහ ජීවිතය
තරමක අවුල් ස්වභාවයක් දක්නට ලැබේ. දුර දිග නොබලා කරන ආයෝජන වලින් පාඩු ඇතිවේ. පවුලේ සමගියට බාධා ඇතිවන කාලයකි. බුද්ධිමත්ව උපේක්ෂා සහගතව කටයුතු කරීම වැදගත්.සෞඛ්‍ය
ලේ විෂ වීම, විෂ බීජ ශරීර ගත වීම ඇතිවිය හැක. සුභ වර්ණය : නිල් සුභ දිනයන් : ඉරිදා, අගහරුවාදා පිළිවෙත් : ජය පිරිත සජ්ජායනා කරන්න. ඔබට සිරි සුභ නව වසරක් උදාවෙයි.
______________________________________________________________
වෘෂභ ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
රැකී රක්ෂා සාර්ථකයි. තනතුරු උසස් වීම් ලැබේ. ස්වයං රැකියාවක යෙදේ නම් නව ධන උපාය මාර්ග එළිපෙහෙලි වේ. ජංගම ව්‍යාපාර සදහා සුභ වසරකි. ජුනි 19 වෙනිදායින් පසු ශුභ පල ගෙන දේ.ගෘහ ජීවිතය
බලාපොරොත්තු ඉටුවේ. දරුවන්ගේ කටයුතු සදහා වියදම් අධික වේ. එහෙත් ඔවුන් ගේ දක්ෂතා පිළිබදව සතුටු විය හැකිය. විවාහ ප‍්‍රමාද වූ අයට බලාපොරොත්තු ඉෂ්ධ කර ගැනීමට අන්‍යන්ගෙන් සහය ලැබේ. ඥාතීන් සහ අසල්වාසීන් සමග කටයුතු කිරමේ දී කල්පනාකාරී වන්න. යුග ජීවතයේ මත භේද ඇතිවේ.සෞඛ්‍ය
රෝග මර්ධනය කරීමේ බලය හිමිවේ. ප‍්‍රතිශක්තීකරණය ඇතිවේ. සුළු සුළු වාත වේදනා ඇතිවේ. කල්පනාකාරී වන්න. සුභ වර්ණය : ලා නිල් සුභ දිනයන් : බදාදා, සිකුරාදා පිළිවෙත් : අමාවක පොහොය දිනක ඔබගේ වයසට ගැලපෙන අකාරයට පහන් දල්වන්න. මෝර පිරිත කියවා දවසේ වැඩ කටයුතු අරඹන්න. ඔබට සුභ පල අත්වේ.
______________________________________________________________
මිථුන ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
මූල්‍ය තත්වය අතින් භූමි ලාභ මෙන්ම මැණික් කර්මාන්තයේ යෙදෙන ඔබට අතමිට සරුවන වසරකි. ජුනි 19න් පසුව උරුමයන් පිළිබදව අපේක්ෂාවෙන් සිටියානම ඒවා සාර්ථකවේ.ගෘහ ජීවිතය
පවුලේ සහජීවනය, දියුණුව ඉතාමත් ඉහල මට්ටමකට ගෙන දේ. දරුපල පිළිබදව ඇති ගැටලූ නිරාකරණය වේ. නොවැම්බර් 2 න් පසු විදේශ ගත වීමට හැකියාව ඇත.සෞඛ්‍ය
සෙම් දෝෂ තත්වයන් ඇතිවේ. සුභ වර්ණය : කොළ සුභ දිනයන් : බදාදා, සිකුරාදා පිළිවෙත් : මේ වසර ජයග‍්‍රාහීව ගෙවීමට නම් අධ්‍යපනය ලබන වයසේ සිටින සාමනේර භික්ෂූන්ට, ඔබගේ ප‍්‍රදේශයේ සිටින දිළිදු දරුවන්ට, අධ්‍යාපනයට අවශ්‍ය පොත් බදාදා දිනක ලබා දෙන්න. ජය පිරත, නිතර ශ‍්‍රවණය කරන්න. එවිට ඔබට 2014 ජයග‍්‍රාහී වසරක් කර ගත හැකිය.
______________________________________________________________
කටක ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
නිෂ්පල විය පැහැදම් නිෂ්පල ගමන් ඇතිවේ. මේ වසරේදී නීති කරදර බාධා ඇතිවේ. ඉතා හොදින් සිතා බලා කටයුතු කරන්න. ජුනි 19න් පසුව ආර්ථික වශයෙන් යහපත් වේ.ගෘහ ජීවිතය
නව නිවසක් සෑදීමට බලාපොරොත්තුවක් තිබුණානම් අපේ‍්‍රල් 28 ත් මැයි 23 වනදාත් අතර කාලය එයට සුභයි.සෞඛ්‍ය
පවුලේ අයගේ සෞඛ්‍ය පීඩා වෙනුවෙන් වෙහෙස මහන්සිය ඇතිවේ. අනිවාර්යෙන්ම නිදන්ගත රෝග ඇතිවීමට ඉඩ ඇත. සුභ වර්ණය : ක‍්‍රීම සහ කහ සුභ දිනයන් : සදුදා, අගහරුවාදා පිළිවෙත් : ඡන්ද පිරිත සජ්ජායනා කිරීමෙන් අහිතකර ග‍්‍රහ රටාවන් මගහරවා ගත හැක.
______________________________________________________________
සිංහ ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
මූල්‍ය ශක්තිය බලවත් කර ගැනීමට හැකියාව ලැබෙන වසරකි. රහස් මාර්ග වලින් පවා ඔබට ධන මාර්ග පෑදේ. පිය පාර්ශවයේ ලැබීම වලට සුභයි. ව්‍යාපාර වලින් ලාභ ප‍්‍රයෝජන අත්වේ.ගෘහ ජීවිතය
පවුලේ සමගිය සතුට වර්ධනය වේ. පි‍්‍රය සම්භාෂණ, විනෝද ගමන් යෙදේ. විදේශගත අයගෙන් පවා උදවු ලැබේ. පේ‍්‍රම සම්බන්ධතා ස්ථිර කරගැනීමට සහ මිත‍්‍ර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සුභ කාලයකි. නොවැම්බර් 2න් පසු සතුරු කරදර ඇතිවේ.සෞඛ්‍ය
ලේ ගමන් කිරීමේ දෝෂ ඇතිවේ. සුළු අසනීපයකදි පවා ප‍්‍රතිකාර ගැනීම වැදගත්. සුභ වර්ණය : රතුසුභ දිනයන් : ඉරිදා, අගහරුවාදා පිළිවෙත් : සූරිය පිරිත සජ්ජායනා කරන්න. නැතිනම් ඉඹුල් වෘක්ෂයකට දවසේ ප‍්‍රථම රාජකාරිය ලෙස වතුර දමා දවස අරඹන්න. එවිට 2014 වසර සුභ කරගැනීමට ඔබට හැකිය.
______________________________________________________________
කන්‍යා ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
2014 සිංහල අලූත් අවුරුද්ද බොහෝ පල ලබයි. මූල්‍ය තත්වයට බාධා ඇතිවේ. ස්ථාන මාරු ඇති කරයි. ව්‍යාපාර ආදීන්ගේ සේවක ගැටලූ ඇතිවේ. උපේක්ෂා සහගතව කටයුතු කරන්න. ජුනි 19න් පසු දෝෂ ක‍්‍රමයෙන් පහව යයි.ගෘහ ජීවිතය
යුග ජීවිතය තුළ ඉවසීම ප‍්‍රගුණ කළ යුතුයි. පිය පාර්ශවයේ සෞඛ්‍ය පීඩා වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවේ.සෞඛ්‍ය
විෂ බීජ ශරීර ගතවීම හා චර්ම රෝග පිඩා ඇතිවේ. සුරතල් සතුන්ගෙන් ප‍්‍රවේසම් වන්න. සුභ වර්ණය : ලා නිල් සුභ දිනයන් : බදාදා, සිකුරාදා පිළිවෙත් : ගිලන් වයසක කෙනෙකුට උපස්ථාන කිරීමට, බෙහෙත් ඖෂධ ලබා දීමට ඔබට හැකි නම් මේ වසර ඔබට සුභදායක කර ගත හැක.
______________________________________________________________
තුලා ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
උත්සාහයෙන් කැපවීමෙන් ආත්ම විස්වාසයෙන් යුතුව ඔබේ කටයුතු කිරීමට හැකිවේ.ගෘහ ජීවිතය
ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර අංශ වලට නැඹුරුවීමට ඉඩ ඇත. හුදකලා බවට ඇලූම් කරයි. අස්ථාන චෝදනා බහුල වේ. නොවැම්බර් 2 න් පසු මූල්‍ය අර්බුද ඇතිවේ.සෞඛ්‍ය
යාන වාහන වල ගමන් කිරීමේ දී ප‍්‍රවේසම් වන්න. සුභ වර්ණය : සුදු සහ රතු සුභ දිනයන් : ඉරිදා, සදුදා පිළිවෙත් : මෝර පිරිත සජ්ජායනා කරන්න. දෙනෙත් ආශ‍්‍රිත ආබාධතා ඇති අයට ඉරිදා දිනයක ආහාර ලබා දීමට හැකි නම් 2014 වසරේදී සුභ පල අත්කර ගත හැක.
______________________________________________________________
වෘශ්චික ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
මේ වසර ඔබට ධන යෝග ඇති කරයි. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට ඉතා ඉහල ශක්තියක් ලැබේ.ගෘහ ජීවිතය
නවතා තිබූ කටයුතු ආරම්භ කිරීමට හැකිවේ. පරම්පරාගත උරුමකම් පිළිබදව තිබූ ගැටලූ මග හැරේ. ජුනි මාසයේ මැද වන තුරු අනපේක්ෂිත කරදර බාධා ඇතිවේ.සෞඛ්‍ය
ආහාර ජීරණයේදී දුර්වලතා ඇතිවේ. කල් පවතින උදරාබාධ තත්වයන් ඇතිවීමට ඉඩ ඇත. සුභ වර්ණය : කහ සුභ දිනයන් : ඉරිදා, සදුදා පිළිවෙත් : කලූතල, අංජන කැට, කලාදුරු ඇට, වී, පොරි, දේව දාර වැනි දේ වලින් ස්නානය කිරීම. ධර්ම දේශණා වලට පිරිකර පිදීමෙන් මෙන්ම මෝර පිරිත ශ‍්‍රවණය කිරීමට හැකි නම් 2014 වසර ඔබට සුභ වේ.
______________________________________________________________
ධනු ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
නව ධන යෝග මාර්ග එළිපෙහෙළිවේ. ජංගම ව්‍යාපාර සහ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව කටයුතු කරයි නම් ඔබට සුභපල ලැබෙයි. රැකී රක්ෂා බාධක ඉවත්වේ. ණය ගණුදෙනු වලදී දැඩි පරිත්‍යාගශීලීබව සහ අනුන් පමණට වඩා විශ්වාස කරීම ඔබට අවාසි ගෙන දේ.ගෘහ ජීවිතය
පවුලේ අය සමග සහයෝගයෙන් නිදහස්ව කටයුතු කරීමට හැකිවේ. ජුනි 19න් පසුව දරුපල ආශ‍්‍රිත ගැටලූ නිරාකරණය වේ.සෞඛ්‍ය
උෂ්ණ අධික බව ඇතිවේ. ආහාර පාන ආදිය පාලනයකින් යුතුව ලබා ගන්න. සුභ වර්ණය : රන්වන් සහ කහ සුභ දිනයන් : ඉරිදා, බ‍්‍රහස්පතින්දා පිළිවෙත් : ශීල ව්‍යාපාර වලට බෙලිමල් දන් දෙන්න. කලූතල, අංජන කැට, කලාදුරු ඇට, වී, පොරි, දේව දාර, සමන්පිච්ච තම්බා ස්නානය කරන්න. 2014 වසර ඔබට සුභ පල ලැබේ.
______________________________________________________________
මකර ලග්නයආර්ථික හා රැකියා තත්වය
මූල්‍ය තත්වය බලාපොරොත්තු අරමුණු ලගා කර ගැනීමට හැකිවේ. ආරථික සමෘධිය ඇතිවේ. පොළොවෙන් ලැබෙන සම්පත් වලට ඉතා යහපත් වන අතර කෘෂි කරමාන්ත කටයුතු කරන අයට, කලා අංශයේ නියුතු අයට සුභයි.ගෘහ ජීවිතය
පවුල් ජීවිතය සුභයි දරුපල ගෙන දේ.සෞඛ්‍ය
නීරෝගී සමපත්තිය ඇතිවන වසරකි. හන්දි ආශ‍්‍රිත වේදනා ඇතිවේ. ඉක්මන් ප‍්‍රතිකාර ලබා ගැනීම වැදගත්. සුභ වර්ණය : නිල් සහ කොළ සුභ දිනයන් : බදාදා සහ සිකුරාදා පිළිවෙත් : අට විසි පිරිත, ජය පිරිත ශ‍්‍රවණය කිරීම සහ පහසුකම් අවම දරුවන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමට හැකි නම් 2014 වසර ජයග‍්‍රාහී කරගත හැකිය.
______________________________________________________________
කුම්භ ලග්නය
ආර්ථික හා රැකියා තත්වය
මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබේ. පසුගිය කරදර පීඩා ඉවත්ව යයි. උසස් අයගේ අනුග‍්‍රහය ලැබෙයි. ජුනි 19න් පසුව සතුරු කරදර ඇතිවේ. ඒ පිළිබදව කල්පනාකාරී වන්න.ගෘහ ජීවිතය
පවුලේ දියුණූවට සුභයි. කීර්ති නාමය ඇතිවේ. විදේශ පදිංචි සදහා අපේක්ෂාවෙන් සිටියේනම් ඒවා සාර්ථකවේ. විවාහ ආදී කටයුතු ස්ථිර කරගැනීමට සුභ කාලයකි.සෞඛ්‍ය
පසුගිය කාලය තුල සෞඛ්‍ය පීඩාවකින් පෙලෙන්නේ නම් ඔබට නැවත නිරෝගී සම්පත්තිය ලැබෙන වසරකි. උදරාබාධ වලින් ප‍්‍රවේසම් වන්න. සුභ වර්ණය : නිල්, කොළ සුභ දිනයන් : සෙනසුරාදා, සිකුරාදා පිළිවෙත් : සිකුරාදා දින වල නිර්මාංශ ආහාර ගන්න. දස දිශා පිරිත සජ්ජායනා කරන්න. ශ‍්‍රවණය කරන්න. එවිට 2014 වසර ජයග‍්‍රාහී කර ගත හැකිය.
______________________________________________________________
0 comments:
Post a Comment