අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

සුපරි පරිගණක විශ්මිත තොරතුරු!


සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor) දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දත්ත ගබඩා (HDD) ධාරිතාවය ටෙරා බයිට් ගණනක් සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ඳ කරන අධි වේගවත් දත්ත හුවමාරුවක්ද ඇත. 1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර වර්තමානයේ විවිධ කටයුතු රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක් යොදාගනී.
දැනට ලෝකයේ පවතින ප්‍රබලතම සුපිරි පරිගණකය ජපානයේ ෆුජිට්සු ආයතනයට (Fujitsu) අයත් K computer නම් සුපිරි පරිගණකයයි. එහි සකසන හැකියාව පෙටා ෆ්ලොප්ස් (petaFLOPS) 10.51කි . එහි SPARC64 VIIIfx වර්ගයේ දත්ත සකසන 88,000 සේවා පරිගණක රාක්ක 864 පුරා පැතිර ඇත.
සුපිරි පරිගණක ලෙස සලකන ලද්දේ එය හඳුන්වා දෙන ලද කාලයේදී සැකසුම් ධාරිතාව අතින් විශේෂයෙන්ම එහි ගණනය කිරීමේ වේගය අතින් ඉදිරියෙන්ම සිටි පරිගණක විශේෂයය. “සුපිරි පරිගණක (Super computer)” යන යෙදුම මුලින්ම පොදු භාවිතයට පැමිණියේ 1929 දී New York World පුවත්පත විසින්, IBM ආයතනය මඟින් කොළොම්බියා සරසවිය වෙනුවෙන් ගැනුම්කරුගේ ඉල්ලීම අනුව නිපදවන ලද විශාල ඵලක වෙත යොමු කිරීමෙනි.

ඉතිහාසය


60 දශකයේ දී හඳුන්වාදීමට යෙදුණු සුපිරි පරිගණක මුලික වශයෙන්ම නිර්මාණය වුයේ Control Data Corporation (CDC) හි සේමර් ක්‍රෙරේ විසින් වු අතර, 70 දශ‍කයේ දී ස්වකීය ආයතනයක් පිහිටුවීම සඳහා ක්‍රෙරේ CDC යෙන් ඉවත්ව යන තෙක්ම එයට වෙළෙඳපොලේ ප්‍රධාන තැනක් හිමි ව තිබිණි. අනතුරුව සුපිරි පරිගණක සඳහා හිමි ව තිබු වෙළඳපොල ‍කොටසෙහි ඉහළම ස්ථානය සිය නවතම නිර්මාණ සැලසුම් මඟින් පුරා වසර 5 ක් පුරාවට තමා සතු කර ගැනීමට ඔහු සමත් විය. කෙසේ වෙතත් ක්‍රෙරේ කිසිවිටෙකත් සිය නිර්මාණයට ‘Super computer (සුපිරි පරිගණක)’ යන යෙදුම භාවිතා නොකල අතර ඒ වෙනුවට ඔහු ‘computer (පරිගණක)’ යන යෙදුම වඩා ප්‍රිය කළේය. 80 දශ‍කයේ දී ඉන් දශකයකට එපිට මධ්‍ය පරිගණක වෙළඳපොල නිර්මාණය වීමට සමාන්තරව ප්‍රතිවාදි ආයතන විශාල ප්‍රමාණයක් ‍සුපිරි පරිගණක වෙළඳපොල ආක්‍රමණය කළ ද, 90 දශකයේ මැද භාගයේ දී ඇති වු සුපිරි පරිගණක වෙළඳපොල ඇඳ වැටීම (Super computer market crash)ත් සමඟම ඒවා කෙමෙන් වියැකී යන්නට විය. වර්තමානයේ දී සුපිරි පරිගණක යනු සාම්ප්‍රදායික ආයතන කිහිපයක් මඟින් (IBM, HP) නිමැවුණු, පරිශිලක අභිරුචිය අනුව තැනුණු, එක්තරා ආකාරයක නිර්මාණ සැලසුමක් ‍ ලෙස සැලකේ. එමෙන්ම IBM හා HP යන ආයතන වනාහි 80 දශ‍කයේ දී බිහි වු අනෙකුත් ආයතන වල අත්දැකීම් තමන් සතු කර ගැනීම සඳහා ඒවා මිලයට ගත් ආයතන ලෙස සැලකිය හැකිය.
YearSupercomputerPeak speed
(Rmax)
Location
2008IBM Roadrunner1.026 PFLOPSDoE-Los Alamos National LaboratoryNew MexicoUSA
1.105 PFLOPS
2009Cray Jaguar1.759 PFLOPSDoE-Oak Ridge National LaboratoryTennesseeUSA
2010Tianhe-IA2.566 PFLOPSNational Supercomputing CenterTianjinChina
2011Fujitsu K computer8.162 PFLOPSRIKENKobeJapan
2011Fujitsu K computer10.51 PFLOPSRIKENKobeJapan

සරල සැකැස්ම


සුපිරි පරිගණක තෑනීමට යොදාගන්නා දත්ත සකසන (CPU) සංස්කරණය (customize) කරනළද ඒවා වන අතර සාමාන්‍ය පරිගණක වල මෙන් නොව දත්ත සකසන විශාල ගණනක් එක්ව සමාන්තරව (parallel computing) දත්ත ගණන කටයුතු ආදිය කරගැනීම සදහා විශේෂයෙන් සකසා ඇත. දත්ත සකසන (CPU) වලට අමතරව ග්‍රැෆික දත්ත සකසනද (GPU) අද ලොව ප්‍රබල සුපිරි පරිගණක සදහා යොදාගනී. මෙයට හේතු වනුයේ ඒවායේ ඇති සුපිරි ගණනය කිරීමේ හැකියාවයි. අද ලොව ප්‍රබලතම සුපිරි පරිගණක හතරෙන් (4) තුනක්ම(3) තම කටයුතු සදහා ග්‍රැෆික දත්ත සකසන (GPU) සහ සාමාන්‍ය දත්ත සකසන (CPU) එක්ව දෙමුහුන්ව (Hybrid) යොදාගනී, කෙසේවෙතත් සම්පූර්ණයෙන්ම ග්‍රැෆික දත්ත සකසන සුපිරි පරිගණක සදහා යොදාගැනීමක් සිදුනොවේ.

ප්‍රමාණය


සුපිරි පරිගණකවල සුපිරි ගණන හැකියාව මෙන්ම ඒවා අත්කරගන්නා ඉඩ ප්‍රමාණයද දෙවෙනි නොවේ . වර්ග අඩි දහස් ගණනක් පුරා පැතිර ඇති ඩොලර් මිලියන, බිලියන ගණනින් වටිනා , එමෙන්ම මෙගා වොට් (MW) ගණනින් විදුලිය පරිභෝජනය කරන මෙම සුපිරි යන්ත්‍රවලින් පිටවන අධික තාපය සිසිල් කිරීමට සිසිලන පද්දති (cooling system) සදහාද විශාල විදුලි ප්‍රමාණයක් සහ මුදලක් වැයවේ.

මිනුම්දඬු


සුපිරි පරිගණකවල හැකියාල මනිනු ලබන්නෙ FLOPS (floating point operations per second) වලිනි. එනම් තප්පරයකට කළහැකි ඉපිලෙන ලක්ෂ ගණනය කිරීම් වලිනි. බොහෝවිට සුපිරි පරිගණක වල FLOPS ප්‍රමාණය ටෙරා සහ පෙටා (tera and peta) වලින් එනම් තප්පරයට ගණනය කිරීම් දහයේ 12වන බලයේ සිට 15 වන බලය දක්වා ප්‍රමාණයකින් මනිනු ලබයි. (teraflops and petaflops).

මෙහෙයුම් පද්දති

සුපිරි පරිගණකවල මෙහෙයුම් පද්දති ලෙස බොහෝවිට වේගවත් Linux සහ Unix මෙහෙයුම් පද්දති යොදාගන්නා අතර සුළු ප්‍රමාණයක් සදහා windows හා mac වැනි මෙහෙයුම් පද්දති යොදාගනී. මීට අමතරව මෙම මෙහෙයුම් පද්දති සමග විශේෂිත මෘදුකාංගද යොදාගනී.

අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputing)

සාමාන්‍ය සුපිරි පරිගණකයක් එකම භූගෝලීය පිහිටුමක එනම් එක් ස්ථානයකට කේන්ද්‍ර වී පවතී. එහෙත් විශාල භූගෝලීය ප්‍රදේශයක පැතිරුනු (distributed computing) පරිගණක හෝ server කැටිති (clusters) රාශියක් එක්ව තනි සුපිරි පරිගණකයක් ලෙස ක්‍රියාකරන අවස්ථාවන් හීදී ඒවා අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputers) ලෙස හදුන්වයි. ලක්ශ සංඛ්‍යාත පරිගණක , play station වැනි ක්‍රීඩා උපාංග හා වීඩියෝ කාඩ් (video/graphics card) වල පරිගණන බලය යොදාගන්නා මෙම කැටිතිවල (clusters) පරිගණන බලය සාමාන්‍ය තනි සුපිරි පරිගණකයකටත් වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකිය.
විවිධ රෝගාබාද ඇතිකරන බැක්ටීරීයා වයිරස ආදියේ ප්‍රෝටීන අණුක ව්‍යුහය තේරුම් ගැනීම සදහා පිහිටුවන ලද folding@home ව්‍යාපෘතිය අද ලෝකයේ පවතින විශාලතම සහ බලවත්ම අර්ධ පරිගණක ව්‍යාපෘතියයි. මෙහි පරිගණන බලයමේ වනවිට 10~ petaflops තරම් අති විශාල අගයක් ගනී. මෙම සුපිරි පරිගණක කැටිතියෙහි කොටසක් වී ඔබටත් මෙම පුන්‍ය කටයුත්ත සදහා දායකවියහැක. මේ ඒ සදහා එලකිරි සාමාජිකයන් ගෙනයන වැඩසටහනයි.(click)
SETI@home, MilkyWay@home, Mersenne Prime වැනි තවත් වැඩසටහන් රාශියක් සදහා මෙවැනි අර්ධ පරිගණක යොදාගන්න අතර ඒවායේහිද ඉතා අධික ගණනය කිරීමේ හැකියාවන් පවතී.
තවද අප කවුරුත් දන්නා හදුනන Google සෙවුම් යන්ත්‍රයට සම්බන්දව ලොව පුරා විසිරී පවතින පරිගණක server යන්ත්‍ර 450,000ක් එකට සම්බන්දව තැනන Google Cluster අර්ධ සුපිරි පරිගණකයේ ගණන හැකියාව 20~100 petaflops තරම් විශාල අගයක ගන්නා බව අනුමාන කරයි. එහෙත් එහි සබෑ තතු හෙලි නොකිරීමට Google සමාගම ක්‍රියා කරයි.

සුපිරි පරිගණක වල අනාගතය


1980 දශකයේ අග භාගයේ ඩොලර් මිලියන ගණනක් වටිනා වර්ග අඩි දහස් ගණන් වසා පැතිර තිබූ සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ අත රැදි නවීන ජංගම දුරකතනයේ තිබීබත් 1990 භාගයේ තිබූ වේගවත්ම සුපිරි පරිගණකවල බලය අද ඔබේ පුද්ගලික පරිගණකයේ අත්විදීමට හැකිවීමත් 2000 වර්ෂයේ තිබූ ප්‍රබලතම සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ වීඩියෝ කාඩ්පත්වල තිබීමෙනුත් කිව හැක්කේ පරිගණක තාක්ශණයේ වේගවත් දියුණුවයි.
“සුපිරි පරිගණක” යන යෙදුම පවා බොහෝදුරට අස්ථිරය. මන්ද අද දවසේ සුපිරි පරිගණකයක් හෙට වන විට සාමාන්‍ය පරිගණකයක් බවට පත්වීමට ‍බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ඇති බැවිනි. CDC හි මුල්ම පරිගණකය වු කලී සරලවම ඉතා වේගවත් අදිශ ‍සකසනයන්ය. මේවා එකල වු අනෙකුත් ආයතන වලින් ඉදිරිපත් කරන ලද වේගවත්ම පරිගණක වලට වඩා ආසන්න වශයෙන් දස ගුණයක් තරම් වේගවත් විය.
70 දශකය වන විට සුපිරි පරිගණක බොහෝමයක් වෙන් කර තිබුණේ ‍දෛශික සකසු ක්‍රියාත්මක කරවීමටය. එමනිසා ප්‍රතිවාදි තරඟකරුවෝ බොහොමයක් වෙළඳපොලට පිවිසිම සඳහා ඒ හා සමාන සකසු නිෂ්පාදනය කර අඩු මිලකට ලබාදීමට කටයුතු කලහ. 80 දශකයේ මුල හා මැද භාගය වන විට පිළිගත් සම්මතය බවට පත්ව තිබුණේ සමාන්තරව ක්‍රියාත්මක වු ප්‍රමාණවත් දෛශික සකසු සංඛ්‍යාවක් තිබෙන පරිගණකය. එක් පරිගණකයට අදාල දර්ශීය සකසු සංඛ්‍යාව 4 ත් 16 ත් අතර පරාසයක විය. 80 දශකයේ අග භාගය හා 90 දශකය වන විට ක්ෂේත්‍රයේ අවධානය දෛශික සකසු වෙතින් දහස් ගණනක් සාමාන්‍ය CPU භාවිතා කර සකසනු ලැබු සමාන්තර සකසු පද්ධති කරා යොමු ව තිබුණි. මෙම CPU සමහරක් off-the-shelf ආකාරයේ ඒවා වු අතර සමහරක් අභිරුචිකෘත නිර්මාණ විය. (මෙය පොදුවේ හාස්‍යජනක ආකාරයට “අති භයානක ක්ෂුද්‍ර ආක්‍රමණය ලෙස ද ව්‍යවහාර කෙරේ) අද වන විට ‍සමාන්තර නිර්මාණ off-the-shelf, server පන්තියේ අණු සකසු මත පදනම් වී තිබේ. මේ සඳහා උදාහරණ ලෙස Power PC, Itanium X 86-64 ගෙන හැර දැක්විය හැකි අතර, නුතන පරිගණක බොහොමයක් වෙළඳ සකසු මඟින් පිළියෙල වු ඉතා ඉහල තත්වයේ පරිගණක පොකුරක් වන මේවා අභිරුචික අන්තර් සබැඳි මඟින් සංයුග්ම කර ඇත.
අද තිබෙන අක්කර ගණන් විශාල සුපිරි පරිගණකවල බලය ඔබේ පුද්ගලික පරිගණකටය එන දිනය වැඩි ඈතක නොවනු ඇත.
සුපිරි පරිගණකවල ගණන හැකියාව 2011 වර්ෂය අවසන් වනවිට 20 petaflops (පෙටාෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2019 වනවිට 1000 petaflops හෙවත් 1 exaflops (එක්සෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2030 පමණ වනවිට 1000 exaflops හෙවත් 1 zettaflops (සෙටාෆ්ලොප්ස්) දක්වාද දියුණු කිරීමට විද්‍යාඥයින් අපේක්ශා කරයි.

Facebook සමාගමේ සුපරි පරිගණක 

ඔයාගේ Phone එක නැති වුනොත් මොකක්ද කරන්නේ?


ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක් ද, සමහර විටෙක වැදගත් sms පණිවුඩ, Memory card පතක් ඇත්නම් එහි ඇති පින්තූර, වීඩියෝ හෝ ගීත යනාදී දත්ත ද අපේ ජීවිතයේ කොටසක් වී හමාරයි. ඔබේ පුද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුව හොත් කුමක් සිදුවේ දැයි ඔබ සිතුවාද ?
නැවතත් අළුතෙන් ජංගම දුරකථනයක් මිලට ගත හැකි නමුත් ඔබේ නැතිවූ දුරකථනයේ ඇති දුරකථන අංක යනාදී දත්ත නැවත ලබාගත නොහැකියි. මිල කළ නොහැකි එවන් දත්ත සමූහයක් ඔබේ ජංගම දුරකථනයත් සමගම නැති වුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද ? අස්ථාන ගතවූ ජංගම දුරකථන සොයා ගැනීමට ඔබට සහාය වන්නට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC විශේෂ සේවාවක් දැන් ආරම්භ කර තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයත් අස්ථාන ගත වුවහොත් කලබල නොවී පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබේ දුරකථනය නැවත සොයා ගැනීම සඳහා යම් උත්සාහයක් ගත හැකියි.
සියල්ලටම පළමුව ඔබ විසින් දැන සිටිය යුතු වැදගත්ම කාරණය වන්නේ ඔබේ ජංගම දුරකථනයට අදාල IMEI අංකයයි.

ලෝකයේ නිෂ්පාදනය කෙරෙන සෑම දුරකථන උපාංගයක්ම වෙන වෙනම හඳුනාගැනීම සඳහා IMEI අංකය උපකාරී වේ. ශ‍්‍රී ලංකාව තුළ අළෙවි වන සෑම දුරකථනයකම IMEI අංකයක් තිබීම අනිවාර්යය වන අතර එසේ නොවන ඒවා ව්‍යාජ ජංගම දුරකථන විය හැකියි.
ඔබේ ජංගම දුරකථනයේ IMEI අංකය ලබාගැනීම සඳහා *#06# යන කේතය ඇතුළත් කරන්න. ඒ විගසින් ඔබට එබේ දුරකථනයේ IMEI අංකය දිස්වනු ඇත. මෙම අංකය පහසුවෙන් සොයාගත හැකි තැනක ලියා තබා ගන්න. නැතහොත් පරිගණකයේ හෝ අන්තර්ජාල ගිණුමක save කරගන්න.

ඔබේ ජංගම දුරකථනය හදිසියේම අස්ථාන ගත වූයේ නම් ඔබ එහි ෂඵෑෂ අංකය නොදැන සිටීමට ද ඉඩ ඇත.එවන් අවස්ථාවන් හිදී ඔබේ සිම්පතේ දුරකථන අංකය පරීක්ෂණ කටයුතු සඳහා ලබාදිය හැකියි. අදාල දුරකථන සමාගම වෙතින් TRC  ආයතනය  IMEI අංකය ලබාගනු ඇත.
ඔබේ ජංගම දුරකථනය අස්ථාන ගත වී ඇත්නම්, පළමුව ඔබේ වටපිටාව තුළ හොඳින් විපරම් කර බලන්න. බොහෝ විට ඔබේ ඇස නොගැටෙන මානයකදුරකථනය රැඳී තිබෙන්නට ද පුළුවන.
ඔබේ ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි ලෙසට අස්ථාන ගත වී ඇත්නම් හෝ, එය සොරකම් කරන ලද බවට ඔබට ස්ථිරවම විශ්වාස නම් ඔබ පළමුව කළ යුත්තේ ඔබේ ප‍්‍රදේශයට අදාල පොලිස් ස්ථානයේ ඒ පිළිබඳව දන්වා පැමිණිල්ලක් ගොනු කිරීමයි. එහිදී ඔබේ දුරකථනය මිලදී ගත් රිසිට් පත්, ඔබේ නමට පැමිණි දුරකථන බිල්, දුරකථනයේ IMEI අංකය හා සිම් පතේ දුරකථන අංකය යනාදිය පොලිසිය වෙත සැපයීම මගින් වඩාත් හොඳින් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එය සහායක් වන අතරම එමගින් ජංගම දුරකථනයට ඔබේ ඇති අයිතිය ද තහවුරු කළ හැකියි.
ඔබේ ජංගම දුරකථන අංකය රාජකාරී හෝ ව්‍යාපාරික මට්ටමෙන් භාවිතා කල එකක් නම් එය අන්සතු වූ විටෙකදී ඔබේ පෞද්ගලිකත්වයට හා ප‍්‍රතිරූපයට එයින් යම් හානියක් සිදුවිය හැකි බැවින් එම අංකය තාවකාලිකව විසන්ධි කරන ලෙස ඔබේ ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමෙන් ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා ඔබේ නම හා හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
ඔබ ගොනුකල පොලිස් පැමිණිල්ලේ පිටපතක් ද, ඊට අමතරව ඔබේ ජංගම දුරකථනයේ අයිතිය තහවුරු කෙරෙන සියළුම ලිඛිත සාක්ෂි ද සමගින් ඔබේ පැමිණිල්ල ලිඛිතව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුයි. සතියක් වැනි කාලයක් ඇතුළත ඔබට යම් තොරතුරක් ලැබෙනු ඇති. වැඩි විස්තර සඳහා පහත දැක්වෙන දුරකථන අංක භාවිතා කළ හැකියි.

011-2662215, 011-2662216, 011-2662222 (ටෙලිකොම් දුරකථන මගින් ගාස්තුවකින් තොරව ඇමතීමට හැකියි)
* 011-5376159  (ලංකාබෙල් සඳහා ගාස්තු රහිත)
* 011-4514067 (සන්ටෙල් සඳහා ගාස්තු රහිත)
* ක්ෂණික දුරකථන අංකය – 1900



දුරකථන මෙහෙයුම් පද්ධති!


කලකට පෙර දුරකථනයක් මිළදී ගැනීමේදී අප මුලින්ම සොයා බැලූවේ දුරකථනයේ මාදිලිය හා එහි විශේෂාංග පිළිබඳවයි. නමුත් වත්මන් ජංගම දුරකථන
පාරිභෝගිකයන් දුරකථනයක් මිළදී ගැනීමේදී පළමුව විමසන්නේ ජංගම දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධතිය කුමක් දැයි කියායි. එබැවින් ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට Mobile Phone සඳහා ලොව සුපතල මෙහෙයුම් පද්ධති හෙවත් OS පිළිබඳ මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරන්නට අපි අදහස් කළෙමු.
01. ANDROID
2007 දී google සමාගම මගින් හඳුන්වා දුන් Android මෙහෙයුම් පද්ධතිය දැනට ලොව වැඩිම ජංගම උපාංග ප‍්‍රමාණයක අඩංගු මෙහෙයුම් පද්ධතියයි. මෙය එකවර වැඩ රාශියක් කර ගැනීම හෙවත් Multi Tasking සඳහා නිමවුනු LINUX තාක්‍ෂණය මත පදනම් වූවකි.Android හි ක‍්‍රියා කරන වැඩසටහන් Apps ලෙස හැඳින්වෙන අතර මේ වන විට Android Appි 800,000 ක් පමණ ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. Android මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ කීපයක් මේ දක්වා නිකුත් කර ඇත. මෙම සංස්කරණයන් රසවත් කෑම වර්ග වල නම් වලින්, අකරාදී පිළිවෙලට නම් කර ඉදිරිපත් වීම ද මේවා ලොව පුරා ජනප‍්‍රිය වීමට තවත් හේතුවක් බව කිව හැකිය.
Android සංස්කරණ නාම

2. iOS හෙවත් ඇපල් iPhone මෙහෙයුම් පද්ධතිය
2007 වසරේ මුලින්ම මුදාහරින ලද මෙම මෙහෙයුම් පද්ධතිය iPhone හා iPod වැනි ඇපල් අයි උපාංග සඳහා නිර්මාණය වූවකි. මෙහිද ඇප්ස් විශාල ගණනක් ඩවුන්ලෝඩ් කළ හැකි ලෙස පවතින අතර මෙහි නවතම සංස්කරණය 2013 ජුලි මාසයේ ඉදිරිපත් කළ iOS හි 7 වන සංස්කරණයයි.
3. වින්ඩෝස් දුරකථන මෙහෙයුම් පද්ධතිය – Windows Phone OS

මයික්‍රෝසොෆ්ට් සමාගම නිෂ්පාදනය කළ මෙම මෙහෙයුම් පද්ධතිය මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ Pocket PC හෙවත් සාක්කු පරිගණක සඳහාය. 1990 පමණ සිට Microsoft සමාගම කල විවිධ පර්යේෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස ජංගම දුරකථන සඳහා පළමු මෙහෙයුම් පද්ධතිය Windows Mobile ලෙස ඉදිරිපත් කරනු ලදුව පසුව 2008 දී අත්හිටවන ලදී. 2010 දී Microsoft සමාගම Windows Mobile මෙහෙයුම් පද්ධතිය වෙනුවට Windows Phone නමින් නව මෙහෙයුම් පද්ධතියක් එළි දක්වන ලදී. Windows Phone 7 ලෙස 2010 අපේ‍්‍රල් මස එළි දැක්වූ මෙම මෙහෙයුම් පද්ධතියHTC, Dell, LG, Samsung හා Nokia උපාංග බොහොමයක දක්නට ලැබුන අතර මෙහි නවතම සංස්කරණය වන්නේ Windows Phone 8 මෙහෙයුම් පද්ධතියයි. මේ දිනවල නොකියා ලුමියා දුරකථන මාදිලිය සමග මෙම මෙහෙයුම් පද්ධතිය ජනප‍්‍රිය වෙමින් පවතී.
4. BlackBerry OS – RIM සමාගමේ බ්ලැක්බෙරි මෙහෙයුම් පද්ධතිය

Research in Motion හෙවත් RIM සමාගම මගින් නිර්මිත Blackberry මෙහෙයුම් පද්ධතිය ඔවුන් නිපදවූ සියලූම Blackberry ජංගම දුරකථන වල දැකිය හැකි මෙහෙයුම් පද්ධතියයි. අනෙකත් දුරකථන වල අඩංගු නොවන Track wheel, Track Ball, Touch Pad වැනි සුවිශේෂ Blackberry උපාංග සමග ක‍්‍රියා කිරීමට සැකසුනු මෙම මෙහෙයුම් පද්ධතිය තුල අනෙක් මෙහෙයුම් පද්ධති වල අඩංගු නොවන විශේෂ පහසුකම් කීපයක්ම අඩංගුය. Audio interface, Update හා එම මාදිලියේ දුරකථන අතර පමනක් චැට් පණිවුඩ යැවිය හැකි Blackberry Messenger (BBM) මෙයින් කීපයකි. නවතම Blackberry මෙහෙයුම් පද්ධතිය 10 වන අතර එය ඉතා අගනා මෙහෙයුම් පද්ධතියක් බව භාවිතා කරන්නන්ගේ මතයයි.
05. නොකියා සමාගමේ සිම්බ්යන් මෙහෙයුම් පද්ධතිය

බොහෝ Nokia දුරකථන වල හා මුල් කාලයේ Motorolla හා Sony Ericsson වැනි අනෙකුත් මාදිලිවල Smart දුරකථනයන්හී තිබූ මෙහෙයුම් පද්ධතිය වූයේ සිම්බියන්ය. Nokia සමාගම අවසන් වරට සිම්බියන් 3 නම් සංස්කරණයක් ගෙන ආ අතර දැනට නොකියා සමාගම සිම්බියන් මෙහෙයුම් පද්ධතිය ඔවුන්ගේ නවතම ස්මාට් දුරකථන වෙනුවෙන් භාවිතා නොකරයි.


සුපරි Nokia Phone එක Nokia Lumia 925!


Nokia සමාගම තමන්ගේ මුල්ම Windows Phone ජංගම දුරකථන වන Lumia 800 සහ Lumia 710 නිකුත් කළේ 2011 වසරේදී.එතැන් පටන් මේ දක්වා දෑ අවුරුද්දක කාලයක් Windows Phone මෙහෙයුම් පද්ධතිය සහ Nokia සමාගම දිගු ගමණක් පැමිණියා. ඔවුන්ගේ එකතුවෙන් අද තවත් අලුත් ස්මාට් ජංගම දුරකථනයක් නිකුත් වූවා ඒ Nokia Lumia 925.
මෙහි ප්‍රධාන කැමරාව 8.7-megapixel ප්‍රමණයේ එකක්. නොකියා සමාඟම පවසන පරිදි කැමරාව සඳහා ඉතා ඉහල තාක්ෂණයක් භාවිතා කොට තිබෙනවා. අඩු ආලෝක තත්ත්ව යටතේ වඩා හොඳ ඡායාරූප ලබා ගැනීමට මේ නිසා හැකි වනවා.
එමෙන්ම මෙම කැමරාවේ ඇති තවත් විශේෂාංගයක් නම් Nokia Smart Camera පහසුකමයි. මෙමගින් එක අවස්ථාවේ ඡායාරූප 10ක් ගැනීමට හැකි වෙනවා. එයින් හොඳම ඡායාරූපය තෝරා ගැනීමට හෝ සියල්ල එක් කර අපූරු ඇනිමේෂන් එකක් ලෙස සකසා ගැනීමටද පුළුවන්.පහළ තියෙන්නේ මේ Phone එකේ Phone Review එක.



 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel