අසූහාරදාහක් දේ බදාගන්න නොව බෙදාගන්න...

2014 අවුරුද්දේ ලග්න අනුව පලාඵල බලන්න මෙතනින්.

2014 අවුරුද්දේ ලග්න අනුව පලාඵල බලන්න මෙතනින්.

Nishantha Perera

 

 
මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී නිශාන්ත පෙරේරා මහතා ඉදිරිපත් කරයි.

මේෂ ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

ඔබේ මූල්‍ය තත්වය සැලකූ විට බලාපොරොත්තු ඉෂ්ඨ කරගැනීමට ප‍්‍රභල ශක්තියක් මේ වසරේ උදාවේ. බොහෝ විට අනුන් යටතේ කරන කටයුතු වලට වඩා තමන්ගේ ස්වාධීන කටයුතු වලින් ඔබට ජයග‍්‍රහණය අත්කර ගත හැකි වසරකි. මේ වසර තුළ නිවසක් සෑදීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් නොවැම්බර් මස 2 වෙනිදාට පෙර ඒ සදහා කටයුතු කරන්න.

ගෘහ ජීවිතය

තරමක අවුල් ස්වභාවයක් දක්නට ලැබේ. දුර දිග නොබලා කරන ආයෝජන වලින් පාඩු ඇතිවේ. පවුලේ සමගියට බාධා ඇතිවන කාලයකි. බුද්ධිමත්ව උපේක්ෂා සහගතව කටයුතු කරීම වැදගත්.

සෞඛ්‍ය

ලේ විෂ වීම, විෂ බීජ ශරීර ගත වීම ඇතිවිය හැක. සුභ වර්ණය : නිල් සුභ දිනයන් : ඉරිදා, අගහරුවාදා පිළිවෙත් : ජය පිරිත සජ්ජායනා කරන්න. ඔබට සිරි සුභ නව වසරක් උදාවෙයි.
______________________________________________________________

වෘෂභ ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

රැකී රක්ෂා සාර්ථකයි. තනතුරු උසස් වීම් ලැබේ. ස්වයං රැකියාවක යෙදේ නම් නව ධන උපාය මාර්ග එළිපෙහෙලි වේ. ජංගම ව්‍යාපාර සදහා සුභ වසරකි. ජුනි 19 වෙනිදායින් පසු ශුභ පල ගෙන දේ.

ගෘහ ජීවිතය

බලාපොරොත්තු ඉටුවේ. දරුවන්ගේ කටයුතු සදහා වියදම් අධික වේ. එහෙත් ඔවුන් ගේ දක්ෂතා පිළිබදව සතුටු විය හැකිය. විවාහ ප‍්‍රමාද වූ අයට බලාපොරොත්තු ඉෂ්ධ කර ගැනීමට අන්‍යන්ගෙන් සහය ලැබේ. ඥාතීන් සහ අසල්වාසීන් සමග කටයුතු කිරමේ දී කල්පනාකාරී වන්න. යුග ජීවතයේ මත භේද ඇතිවේ.

සෞඛ්‍ය

රෝග මර්ධනය කරීමේ බලය හිමිවේ. ප‍්‍රතිශක්තීකරණය ඇතිවේ. සුළු සුළු වාත වේදනා ඇතිවේ. කල්පනාකාරී වන්න. සුභ වර්ණය : ලා නිල් සුභ දිනයන් : බදාදා, සිකුරාදා පිළිවෙත් : අමාවක පොහොය දිනක ඔබගේ වයසට ගැලපෙන අකාරයට පහන් දල්වන්න. මෝර පිරිත කියවා දවසේ වැඩ කටයුතු අරඹන්න. ඔබට සුභ පල අත්වේ.
______________________________________________________________

මිථුන ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

මූල්‍ය තත්වය අතින් භූමි ලාභ මෙන්ම මැණික් කර්මාන්තයේ යෙදෙන ඔබට අතමිට සරුවන වසරකි. ජුනි 19න් පසුව උරුමයන් පිළිබදව අපේක්ෂාවෙන් සිටියානම ඒවා සාර්ථකවේ.

ගෘහ ජීවිතය

පවුලේ සහජීවනය, දියුණුව ඉතාමත් ඉහල මට්ටමකට ගෙන දේ. දරුපල පිළිබදව ඇති ගැටලූ නිරාකරණය වේ. නොවැම්බර් 2 න් පසු විදේශ ගත වීමට හැකියාව ඇත.

සෞඛ්‍ය

සෙම් දෝෂ තත්වයන් ඇතිවේ. සුභ වර්ණය : කොළ සුභ දිනයන් : බදාදා, සිකුරාදා පිළිවෙත් : මේ වසර ජයග‍්‍රාහීව ගෙවීමට නම් අධ්‍යපනය ලබන වයසේ සිටින සාමනේර භික්ෂූන්ට, ඔබගේ ප‍්‍රදේශයේ සිටින දිළිදු දරුවන්ට, අධ්‍යාපනයට අවශ්‍ය පොත් බදාදා දිනක ලබා දෙන්න. ජය පිරත, නිතර ශ‍්‍රවණය කරන්න. එවිට ඔබට 2014 ජයග‍්‍රාහී වසරක් කර ගත හැකිය.
 ______________________________________________________________

කටක ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

නිෂ්පල විය පැහැදම් නිෂ්පල ගමන් ඇතිවේ. මේ වසරේදී නීති කරදර බාධා ඇතිවේ. ඉතා හොදින් සිතා බලා කටයුතු කරන්න. ජුනි 19න් පසුව ආර්ථික වශයෙන් යහපත් වේ.

ගෘහ ජීවිතය

නව නිවසක් සෑදීමට බලාපොරොත්තුවක් තිබුණානම් අපේ‍්‍රල් 28 ත් මැයි 23 වනදාත් අතර කාලය එයට සුභයි.

සෞඛ්‍ය

පවුලේ අයගේ සෞඛ්‍ය පීඩා වෙනුවෙන් වෙහෙස මහන්සිය ඇතිවේ. අනිවාර්යෙන්ම නිදන්ගත රෝග ඇතිවීමට ඉඩ ඇත. සුභ වර්ණය : ක‍්‍රීම සහ කහ සුභ දිනයන් : සදුදා, අගහරුවාදා පිළිවෙත් : ඡන්ද පිරිත සජ්ජායනා කිරීමෙන් අහිතකර ග‍්‍රහ රටාවන් මගහරවා ගත හැක.
 ______________________________________________________________

සිංහ ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

මූල්‍ය ශක්තිය බලවත් කර ගැනීමට හැකියාව ලැබෙන වසරකි. රහස් මාර්ග වලින් පවා ඔබට ධන මාර්ග පෑදේ. පිය පාර්ශවයේ ලැබීම වලට සුභයි. ව්‍යාපාර වලින් ලාභ ප‍්‍රයෝජන අත්වේ.

ගෘහ ජීවිතය

පවුලේ සමගිය සතුට වර්ධනය වේ. පි‍්‍රය සම්භාෂණ, විනෝද ගමන් යෙදේ. විදේශගත අයගෙන් පවා උදවු ලැබේ. පේ‍්‍රම සම්බන්ධතා ස්ථිර කරගැනීමට සහ මිත‍්‍ර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සුභ කාලයකි. නොවැම්බර් 2න් පසු සතුරු කරදර ඇතිවේ.

සෞඛ්‍ය

ලේ ගමන් කිරීමේ දෝෂ ඇතිවේ. සුළු අසනීපයකදි පවා ප‍්‍රතිකාර ගැනීම වැදගත්. සුභ වර්ණය : රතුසුභ දිනයන් : ඉරිදා, අගහරුවාදා පිළිවෙත් : සූරිය පිරිත සජ්ජායනා කරන්න. නැතිනම් ඉඹුල් වෘක්ෂයකට දවසේ ප‍්‍රථම රාජකාරිය ලෙස වතුර දමා දවස අරඹන්න. එවිට 2014 වසර සුභ කරගැනීමට ඔබට හැකිය.
 ______________________________________________________________

කන්‍යා ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

2014 සිංහල අලූත් අවුරුද්ද බොහෝ පල ලබයි. මූල්‍ය තත්වයට බාධා ඇතිවේ. ස්ථාන මාරු ඇති කරයි. ව්‍යාපාර ආදීන්ගේ සේවක ගැටලූ ඇතිවේ. උපේක්ෂා සහගතව කටයුතු කරන්න. ජුනි 19න් පසු දෝෂ ක‍්‍රමයෙන් පහව යයි.

ගෘහ ජීවිතය

යුග ජීවිතය තුළ ඉවසීම ප‍්‍රගුණ කළ යුතුයි. පිය පාර්ශවයේ සෞඛ්‍ය පීඩා වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිදුවේ.

සෞඛ්‍ය

විෂ බීජ ශරීර ගතවීම හා චර්ම රෝග පිඩා ඇතිවේ. සුරතල් සතුන්ගෙන් ප‍්‍රවේසම් වන්න. සුභ වර්ණය : ලා නිල් සුභ දිනයන් : බදාදා, සිකුරාදා පිළිවෙත් : ගිලන් වයසක කෙනෙකුට උපස්ථාන කිරීමට, බෙහෙත් ඖෂධ ලබා දීමට ඔබට හැකි නම් මේ වසර ඔබට සුභදායක කර ගත හැක.
 ______________________________________________________________

තුලා ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

උත්සාහයෙන් කැපවීමෙන් ආත්ම විස්වාසයෙන් යුතුව ඔබේ කටයුතු කිරීමට හැකිවේ.

ගෘහ ජීවිතය

ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර අංශ වලට නැඹුරුවීමට ඉඩ ඇත. හුදකලා බවට ඇලූම් කරයි. අස්ථාන චෝදනා බහුල වේ. නොවැම්බර් 2 න් පසු මූල්‍ය අර්බුද ඇතිවේ.

සෞඛ්‍ය

යාන වාහන වල ගමන් කිරීමේ දී ප‍්‍රවේසම් වන්න. සුභ වර්ණය : සුදු සහ රතු සුභ දිනයන් : ඉරිදා, සදුදා පිළිවෙත් : මෝර පිරිත සජ්ජායනා කරන්න. දෙනෙත් ආශ‍්‍රිත ආබාධතා ඇති අයට ඉරිදා දිනයක ආහාර ලබා දීමට හැකි නම් 2014 වසරේදී සුභ පල අත්කර ගත හැක.
 ______________________________________________________________

වෘශ්චික ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

මේ වසර ඔබට ධන යෝග ඇති කරයි. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට ඉතා ඉහල ශක්තියක් ලැබේ.

ගෘහ ජීවිතය

නවතා තිබූ කටයුතු ආරම්භ කිරීමට හැකිවේ. පරම්පරාගත උරුමකම් පිළිබදව තිබූ ගැටලූ මග හැරේ. ජුනි මාසයේ මැද වන තුරු අනපේක්ෂිත කරදර බාධා ඇතිවේ.

සෞඛ්‍ය

ආහාර ජීරණයේදී දුර්වලතා ඇතිවේ. කල් පවතින උදරාබාධ තත්වයන් ඇතිවීමට ඉඩ ඇත. සුභ වර්ණය : කහ සුභ දිනයන් : ඉරිදා, සදුදා පිළිවෙත් : කලූතල, අංජන කැට, කලාදුරු ඇට, වී, පොරි, දේව දාර වැනි දේ වලින් ස්නානය කිරීම. ධර්ම දේශණා වලට පිරිකර පිදීමෙන් මෙන්ම මෝර පිරිත ශ‍්‍රවණය කිරීමට හැකි නම් 2014 වසර ඔබට සුභ වේ.
 ______________________________________________________________

ධනු ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

නව ධන යෝග මාර්ග එළිපෙහෙළිවේ. ජංගම ව්‍යාපාර සහ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව කටයුතු කරයි නම් ඔබට සුභපල ලැබෙයි. රැකී රක්ෂා බාධක ඉවත්වේ. ණය ගණුදෙනු වලදී දැඩි පරිත්‍යාගශීලීබව සහ අනුන් පමණට වඩා විශ්වාස කරීම ඔබට අවාසි ගෙන දේ.

ගෘහ ජීවිතය

පවුලේ අය සමග සහයෝගයෙන් නිදහස්ව කටයුතු කරීමට හැකිවේ. ජුනි 19න් පසුව දරුපල ආශ‍්‍රිත ගැටලූ නිරාකරණය වේ.

සෞඛ්‍ය

උෂ්ණ අධික බව ඇතිවේ. ආහාර පාන ආදිය පාලනයකින් යුතුව ලබා ගන්න. සුභ වර්ණය : රන්වන් සහ කහ සුභ දිනයන් : ඉරිදා, බ‍්‍රහස්පතින්දා පිළිවෙත් : ශීල ව්‍යාපාර වලට බෙලිමල් දන් දෙන්න. කලූතල, අංජන කැට, කලාදුරු ඇට, වී, පොරි, දේව දාර, සමන්පිච්ච තම්බා ස්නානය කරන්න. 2014 වසර ඔබට සුභ පල ලැබේ.
 ______________________________________________________________
මකර ලග්නය

ආර්ථික හා රැකියා තත්වය

මූල්‍ය තත්වය බලාපොරොත්තු අරමුණු ලගා කර ගැනීමට හැකිවේ. ආරථික සමෘධිය ඇතිවේ. පොළොවෙන් ලැබෙන සම්පත් වලට ඉතා යහපත් වන අතර කෘෂි කරමාන්ත කටයුතු කරන අයට, කලා අංශයේ නියුතු අයට සුභයි.

ගෘහ ජීවිතය

පවුල් ජීවිතය සුභයි දරුපල ගෙන දේ.

සෞඛ්‍ය

නීරෝගී සමපත්තිය ඇතිවන වසරකි. හන්දි ආශ‍්‍රිත වේදනා ඇතිවේ. ඉක්මන් ප‍්‍රතිකාර ලබා ගැනීම වැදගත්. සුභ වර්ණය : නිල් සහ කොළ සුභ දිනයන් : බදාදා සහ සිකුරාදා පිළිවෙත් : අට විසි පිරිත, ජය පිරිත ශ‍්‍රවණය කිරීම සහ පහසුකම් අවම දරුවන්ට අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමට හැකි නම් 2014 වසර ජයග‍්‍රාහී කරගත හැකිය.
  ______________________________________________________________

කුම්භ ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබේ. පසුගිය කරදර පීඩා ඉවත්ව යයි. උසස් අයගේ අනුග‍්‍රහය ලැබෙයි. ජුනි 19න් පසුව සතුරු කරදර ඇතිවේ. ඒ පිළිබදව කල්පනාකාරී වන්න.

ගෘහ ජීවිතය

පවුලේ දියුණූවට සුභයි. කීර්ති නාමය ඇතිවේ. විදේශ පදිංචි සදහා අපේක්ෂාවෙන් සිටියේනම් ඒවා සාර්ථකවේ. විවාහ ආදී කටයුතු ස්ථිර කරගැනීමට සුභ කාලයකි.

සෞඛ්‍ය

පසුගිය කාලය තුල සෞඛ්‍ය පීඩාවකින් පෙලෙන්නේ නම් ඔබට නැවත නිරෝගී සම්පත්තිය ලැබෙන වසරකි. උදරාබාධ වලින් ප‍්‍රවේසම් වන්න. සුභ වර්ණය : නිල්, කොළ සුභ දිනයන් : සෙනසුරාදා, සිකුරාදා පිළිවෙත් : සිකුරාදා දින වල නිර්මාංශ ආහාර ගන්න. දස දිශා පිරිත සජ්ජායනා කරන්න. ශ‍්‍රවණය කරන්න. එවිට 2014 වසර ජයග‍්‍රාහී කර ගත හැකිය.
  ______________________________________________________________

මීන ලග්නය


ආර්ථික හා රැකියා තත්වය

දුර දිග නොබලා කටයුතු කිරීමෙන් මූල්‍ය පාඩු ඇතිවේ. තමාගේ කටයුතු වලට අන්‍ය අයගේ මැදිහත්වීම බහුල වසරකි. ජුනි 19න් පසුව වසරේ මුල් භාගයේ පිහිටි මූල්‍යමය පීඩාවන් මග හැරේ.

ගෘහ ජීවිතය

යුග ජීවිතය තුළ කතාබහේදී එකිනෙකා අතර හිත් රිදීම් සහ මතභේද ඇති වීමට ඉඩ ඇත.

සෞඛ්‍ය

එතරම් යහපත් වසරක් නොවෙයි. සුළු අසනීපයකදි පවා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගන්න. සුභ වර්ණය: කහ, රන්වන් සුභ දිනයන් : අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා පිළිවෙත් : මෝර පිරිත, ජය පිරිත ඇසීමට සැලැස්වීමෙන් ඔබට 2014 වසර සුභ පල අත්කරගත හැක. 

අනිත් කෙනා ඉන්නේ කොහෙද කියලා බලන්න ක්‍රමයක්



අනිත් කෙනා ඉන්නේ කොහෙද කියලා බලන්න ක්‍රමයක්.



මේක ඇප් එකක්.මේකෙන් පුලුවන් ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක ඉන්නේ කොහෙද කියලා බලා ගන්න. ඇත්තටම මේක ගොඩක් ආරක්ශිත ක්‍රමයක්.

ඔබගේ දුව , පුතා ඉස්කෝලෙ ගියාද ,class එකට ගියාද , නැත්තම් සෙට් වෙලා Beach ගියාද ? :D

එතකොට ඔයගේ GF හෝ BF ඉන්නේ කොහේද , කොහේ හරි දුර පලාතක ඔයාගේ යාලුවෙක් යනවා නම් ඒයාට හරියට ඉන්න තැන මේ ඇප් එකෙන් බලලා යන්න ඕනේ පාර කියන්න , පිටරට ඉන්න යාලුවෝ කොහේද ඉන්නේ බලන්න , වගේ ගොඩාක් දේවල වලට ප්‍රයෝජනයට ගන්න පුලුවන් වටිනා Application එකක් මේක.

එක්කෙනෙක් විතරක් නෙවෙයි කීපදෙනෙක් ඉන්න තැන් එකපාර බලා ගන්නත් පුලුවන්.
වටිනම දේ තමයි මේ ඇප් එක 100% නොමිලේ ගන්න පුලුවන්.

S
creen shot
රූපය මත click කර ලොකු කර බලන්න.
මෙතනින් ගන්න එහෙනම් !
Android Os එක තියෙන අය
Apple IOS තියෙන අය
Official Site එකෙන් ගනන්වා නම් මෙතනින්

(Available on iOS and Android )

මෙහි අමතර වාසි
  1. Your family members can see each other, but no one else can see them.
  2. See hospitals, police and fire stations, as well as recent crimes and other threats.
  3. Use Family Channel™ to send short and sweet messages throughout the day.
  4. Only other family members can participate in group chats.
  5. Ditch potentially costly text messages.
මේක ඔයගේ පරිගණකයේ වැඩ කරගන්න පුලුවන්. ඒ ක්‍රමය මෙතනින් ගිහින් බලන්න.

ඉක්මනටම Video වලට Subtitle එකතු කරමු.





සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් Movies  , TV series බලන්නෙ සිංහල subtitle එක්ක. එතකොට original movie file එක වෙනමයි subtitle file එක වෙනමයි අරගෙන තමයි බලන්නෙ. සමහර වෙබ් අඩවි වෙනත් අය මහන්සියෙන් ලියපු subtitle files පොඩ්ඩක් වෙනස් කරල ආපහු තමන්ගෙ වගේ දෙන අවස්ථාත් තියෙනවා...


කොහොම උනත් මේ මෘදුකාංගයෙන් කරන්නෙ Subtitle file එක අදාල Video file එක තුලටම ඇතුලත් කරල තනි Video file එකක් output එක විදියට ගන්න එක. නමුත් මේ මෘදුකාංගය මූලිකවම නිපදවලා තියෙන්නෙ Video Converter කටයුතු සඳහා. ඒ නිසා ඔබට ඒ සඳහා මේක යොදා ගන්නත් පුළුවන්. ඇත්තටම මේකෙන් දැනට භාවිතයේ පවතින ඕනෑම format එකකට convert කරගන්න හැකියාව තියෙනවා.



ඔබ subtitle dub කරපු Video file එක ධාරිතාවයෙන් වැඩියි කියල ඔබට හිතෙනව නම් ඉතාම පහසුවෙන් ඊට වෙනස් file format එකකට convert කරලම Save කරගන්න පුළුවන්.. යම් Video file එකක් කොටස් දෙකකින් යුක්ත නම් ඒ කොටස් දෙකම එකතු කරල තනි file එකකට merge කරගන්නත් පුළුවන්.



මේක සම්පූර්ණයෙන් නොමිලේ දෙන මෘදුකාංගයක්. මේක ස්ථාපනය කරද්දි විවිධ tool bars Install කරන්න අහවි. ඒව skip කරන්න.. 


Image and video hosting by TinyPic


දැන් Video file එකකට subtitle ඇතුළු කර ගන්න හැටි බලමු.

  1.   සළකුණ මඟින් ඕනෑම format එකක Video file ඇතුළු කර ගන්න.
  2. අදාල Video file එකේ subtitle file එක මෙහි දක්වා ඇති ස්ථානයට බලා දෙන්න. 

       3.දැන් පහලින් ඇති කැමති format එකකින් ඔබේ Video file එක convert කරගන්න.

ඔබට කැමති තැනකින් Video එක cut කරන්න සහ සුළු සුළු editing කටයුතු කරන්න ඉහත ඇති "කතුරක" සළකුණ භාවිතා කරන්න පුළුවන්. කොළ පැහැති Play button එකෙන් අදාල video preview එකක් ලබා ගන්න පුළුවන්..

සුපරි පරිගණක විශ්මිත තොරතුරු!


සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor) දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දත්ත ගබඩා (HDD) ධාරිතාවය ටෙරා බයිට් ගණනක් සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ඳ කරන අධි වේගවත් දත්ත හුවමාරුවක්ද ඇත. 1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර වර්තමානයේ විවිධ කටයුතු රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක් යොදාගනී.
දැනට ලෝකයේ පවතින ප්‍රබලතම සුපිරි පරිගණකය ජපානයේ ෆුජිට්සු ආයතනයට (Fujitsu) අයත් K computer නම් සුපිරි පරිගණකයයි. එහි සකසන හැකියාව පෙටා ෆ්ලොප්ස් (petaFLOPS) 10.51කි . එහි SPARC64 VIIIfx වර්ගයේ දත්ත සකසන 88,000 සේවා පරිගණක රාක්ක 864 පුරා පැතිර ඇත.
සුපිරි පරිගණක ලෙස සලකන ලද්දේ එය හඳුන්වා දෙන ලද කාලයේදී සැකසුම් ධාරිතාව අතින් විශේෂයෙන්ම එහි ගණනය කිරීමේ වේගය අතින් ඉදිරියෙන්ම සිටි පරිගණක විශේෂයය. “සුපිරි පරිගණක (Super computer)” යන යෙදුම මුලින්ම පොදු භාවිතයට පැමිණියේ 1929 දී New York World පුවත්පත විසින්, IBM ආයතනය මඟින් කොළොම්බියා සරසවිය වෙනුවෙන් ගැනුම්කරුගේ ඉල්ලීම අනුව නිපදවන ලද විශාල ඵලක වෙත යොමු කිරීමෙනි.

ඉතිහාසය


60 දශකයේ දී හඳුන්වාදීමට යෙදුණු සුපිරි පරිගණක මුලික වශයෙන්ම නිර්මාණය වුයේ Control Data Corporation (CDC) හි සේමර් ක්‍රෙරේ විසින් වු අතර, 70 දශ‍කයේ දී ස්වකීය ආයතනයක් පිහිටුවීම සඳහා ක්‍රෙරේ CDC යෙන් ඉවත්ව යන තෙක්ම එයට වෙළෙඳපොලේ ප්‍රධාන තැනක් හිමි ව තිබිණි. අනතුරුව සුපිරි පරිගණක සඳහා හිමි ව තිබු වෙළඳපොල ‍කොටසෙහි ඉහළම ස්ථානය සිය නවතම නිර්මාණ සැලසුම් මඟින් පුරා වසර 5 ක් පුරාවට තමා සතු කර ගැනීමට ඔහු සමත් විය. කෙසේ වෙතත් ක්‍රෙරේ කිසිවිටෙකත් සිය නිර්මාණයට ‘Super computer (සුපිරි පරිගණක)’ යන යෙදුම භාවිතා නොකල අතර ඒ වෙනුවට ඔහු ‘computer (පරිගණක)’ යන යෙදුම වඩා ප්‍රිය කළේය. 80 දශ‍කයේ දී ඉන් දශකයකට එපිට මධ්‍ය පරිගණක වෙළඳපොල නිර්මාණය වීමට සමාන්තරව ප්‍රතිවාදි ආයතන විශාල ප්‍රමාණයක් ‍සුපිරි පරිගණක වෙළඳපොල ආක්‍රමණය කළ ද, 90 දශකයේ මැද භාගයේ දී ඇති වු සුපිරි පරිගණක වෙළඳපොල ඇඳ වැටීම (Super computer market crash)ත් සමඟම ඒවා කෙමෙන් වියැකී යන්නට විය. වර්තමානයේ දී සුපිරි පරිගණක යනු සාම්ප්‍රදායික ආයතන කිහිපයක් මඟින් (IBM, HP) නිමැවුණු, පරිශිලක අභිරුචිය අනුව තැනුණු, එක්තරා ආකාරයක නිර්මාණ සැලසුමක් ‍ ලෙස සැලකේ. එමෙන්ම IBM හා HP යන ආයතන වනාහි 80 දශ‍කයේ දී බිහි වු අනෙකුත් ආයතන වල අත්දැකීම් තමන් සතු කර ගැනීම සඳහා ඒවා මිලයට ගත් ආයතන ලෙස සැලකිය හැකිය.
YearSupercomputerPeak speed
(Rmax)
Location
2008IBM Roadrunner1.026 PFLOPSDoE-Los Alamos National Laboratory, New Mexico, USA
1.105 PFLOPS
2009Cray Jaguar1.759 PFLOPSDoE-Oak Ridge National Laboratory, Tennessee, USA
2010Tianhe-IA2.566 PFLOPSNational Supercomputing Center, Tianjin, China
2011Fujitsu K computer8.162 PFLOPSRIKEN, Kobe, Japan
2011Fujitsu K computer10.51 PFLOPSRIKEN, Kobe, Japan

සරල සැකැස්ම


සුපිරි පරිගණක තෑනීමට යොදාගන්නා දත්ත සකසන (CPU) සංස්කරණය (customize) කරනළද ඒවා වන අතර සාමාන්‍ය පරිගණක වල මෙන් නොව දත්ත සකසන විශාල ගණනක් එක්ව සමාන්තරව (parallel computing) දත්ත ගණන කටයුතු ආදිය කරගැනීම සදහා විශේෂයෙන් සකසා ඇත. දත්ත සකසන (CPU) වලට අමතරව ග්‍රැෆික දත්ත සකසනද (GPU) අද ලොව ප්‍රබල සුපිරි පරිගණක සදහා යොදාගනී. මෙයට හේතු වනුයේ ඒවායේ ඇති සුපිරි ගණනය කිරීමේ හැකියාවයි. අද ලොව ප්‍රබලතම සුපිරි පරිගණක හතරෙන් (4) තුනක්ම(3) තම කටයුතු සදහා ග්‍රැෆික දත්ත සකසන (GPU) සහ සාමාන්‍ය දත්ත සකසන (CPU) එක්ව දෙමුහුන්ව (Hybrid) යොදාගනී, කෙසේවෙතත් සම්පූර්ණයෙන්ම ග්‍රැෆික දත්ත සකසන සුපිරි පරිගණක සදහා යොදාගැනීමක් සිදුනොවේ.

ප්‍රමාණය


සුපිරි පරිගණකවල සුපිරි ගණන හැකියාව මෙන්ම ඒවා අත්කරගන්නා ඉඩ ප්‍රමාණයද දෙවෙනි නොවේ . වර්ග අඩි දහස් ගණනක් පුරා පැතිර ඇති ඩොලර් මිලියන, බිලියන ගණනින් වටිනා , එමෙන්ම මෙගා වොට් (MW) ගණනින් විදුලිය පරිභෝජනය කරන මෙම සුපිරි යන්ත්‍රවලින් පිටවන අධික තාපය සිසිල් කිරීමට සිසිලන පද්දති (cooling system) සදහාද විශාල විදුලි ප්‍රමාණයක් සහ මුදලක් වැයවේ.

මිනුම්දඬු


සුපිරි පරිගණකවල හැකියාල මනිනු ලබන්නෙ FLOPS (floating point operations per second) වලිනි. එනම් තප්පරයකට කළහැකි ඉපිලෙන ලක්ෂ ගණනය කිරීම් වලිනි. බොහෝවිට සුපිරි පරිගණක වල FLOPS ප්‍රමාණය ටෙරා සහ පෙටා (tera and peta) වලින් එනම් තප්පරයට ගණනය කිරීම් දහයේ 12වන බලයේ සිට 15 වන බලය දක්වා ප්‍රමාණයකින් මනිනු ලබයි. (teraflops and petaflops).

මෙහෙයුම් පද්දති

සුපිරි පරිගණකවල මෙහෙයුම් පද්දති ලෙස බොහෝවිට වේගවත් Linux සහ Unix මෙහෙයුම් පද්දති යොදාගන්නා අතර සුළු ප්‍රමාණයක් සදහා windows හා mac වැනි මෙහෙයුම් පද්දති යොදාගනී. මීට අමතරව මෙම මෙහෙයුම් පද්දති සමග විශේෂිත මෘදුකාංගද යොදාගනී.

අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputing)

සාමාන්‍ය සුපිරි පරිගණකයක් එකම භූගෝලීය පිහිටුමක එනම් එක් ස්ථානයකට කේන්ද්‍ර වී පවතී. එහෙත් විශාල භූගෝලීය ප්‍රදේශයක පැතිරුනු (distributed computing) පරිගණක හෝ server කැටිති (clusters) රාශියක් එක්ව තනි සුපිරි පරිගණකයක් ලෙස ක්‍රියාකරන අවස්ථාවන් හීදී ඒවා අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputers) ලෙස හදුන්වයි. ලක්ශ සංඛ්‍යාත පරිගණක , play station වැනි ක්‍රීඩා උපාංග හා වීඩියෝ කාඩ් (video/graphics card) වල පරිගණන බලය යොදාගන්නා මෙම කැටිතිවල (clusters) පරිගණන බලය සාමාන්‍ය තනි සුපිරි පරිගණකයකටත් වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකිය.
විවිධ රෝගාබාද ඇතිකරන බැක්ටීරීයා වයිරස ආදියේ ප්‍රෝටීන අණුක ව්‍යුහය තේරුම් ගැනීම සදහා පිහිටුවන ලද folding@home ව්‍යාපෘතිය අද ලෝකයේ පවතින විශාලතම සහ බලවත්ම අර්ධ පරිගණක ව්‍යාපෘතියයි. මෙහි පරිගණන බලයමේ වනවිට 10~ petaflops තරම් අති විශාල අගයක් ගනී. මෙම සුපිරි පරිගණක කැටිතියෙහි කොටසක් වී ඔබටත් මෙම පුන්‍ය කටයුත්ත සදහා දායකවියහැක. මේ ඒ සදහා එලකිරි සාමාජිකයන් ගෙනයන වැඩසටහනයි.(click)
SETI@home, MilkyWay@home, Mersenne Prime වැනි තවත් වැඩසටහන් රාශියක් සදහා මෙවැනි අර්ධ පරිගණක යොදාගන්න අතර ඒවායේහිද ඉතා අධික ගණනය කිරීමේ හැකියාවන් පවතී.
තවද අප කවුරුත් දන්නා හදුනන Google සෙවුම් යන්ත්‍රයට සම්බන්දව ලොව පුරා විසිරී පවතින පරිගණක server යන්ත්‍ර 450,000ක් එකට සම්බන්දව තැනන Google Cluster අර්ධ සුපිරි පරිගණකයේ ගණන හැකියාව 20~100 petaflops තරම් විශාල අගයක ගන්නා බව අනුමාන කරයි. එහෙත් එහි සබෑ තතු හෙලි නොකිරීමට Google සමාගම ක්‍රියා කරයි.

සුපිරි පරිගණක වල අනාගතය


1980 දශකයේ අග භාගයේ ඩොලර් මිලියන ගණනක් වටිනා වර්ග අඩි දහස් ගණන් වසා පැතිර තිබූ සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ අත රැදි නවීන ජංගම දුරකතනයේ තිබීබත් 1990 භාගයේ තිබූ වේගවත්ම සුපිරි පරිගණකවල බලය අද ඔබේ පුද්ගලික පරිගණකයේ අත්විදීමට හැකිවීමත් 2000 වර්ෂයේ තිබූ ප්‍රබලතම සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ වීඩියෝ කාඩ්පත්වල තිබීමෙනුත් කිව හැක්කේ පරිගණක තාක්ශණයේ වේගවත් දියුණුවයි.
“සුපිරි පරිගණක” යන යෙදුම පවා බොහෝදුරට අස්ථිරය. මන්ද අද දවසේ සුපිරි පරිගණකයක් හෙට වන විට සාමාන්‍ය පරිගණකයක් බවට පත්වීමට ‍බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ඇති බැවිනි. CDC හි මුල්ම පරිගණකය වු කලී සරලවම ඉතා වේගවත් අදිශ ‍සකසනයන්ය. මේවා එකල වු අනෙකුත් ආයතන වලින් ඉදිරිපත් කරන ලද වේගවත්ම පරිගණක වලට වඩා ආසන්න වශයෙන් දස ගුණයක් තරම් වේගවත් විය.
70 දශකය වන විට සුපිරි පරිගණක බොහෝමයක් වෙන් කර තිබුණේ ‍දෛශික සකසු ක්‍රියාත්මක කරවීමටය. එමනිසා ප්‍රතිවාදි තරඟකරුවෝ බොහොමයක් වෙළඳපොලට පිවිසිම සඳහා ඒ හා සමාන සකසු නිෂ්පාදනය කර අඩු මිලකට ලබාදීමට කටයුතු කලහ. 80 දශකයේ මුල හා මැද භාගය වන විට පිළිගත් සම්මතය බවට පත්ව තිබුණේ සමාන්තරව ක්‍රියාත්මක වු ප්‍රමාණවත් දෛශික සකසු සංඛ්‍යාවක් තිබෙන පරිගණකය. එක් පරිගණකයට අදාල දර්ශීය සකසු සංඛ්‍යාව 4 ත් 16 ත් අතර පරාසයක විය. 80 දශකයේ අග භාගය හා 90 දශකය වන විට ක්ෂේත්‍රයේ අවධානය දෛශික සකසු වෙතින් දහස් ගණනක් සාමාන්‍ය CPU භාවිතා කර සකසනු ලැබු සමාන්තර සකසු පද්ධති කරා යොමු ව තිබුණි. මෙම CPU සමහරක් off-the-shelf ආකාරයේ ඒවා වු අතර සමහරක් අභිරුචිකෘත නිර්මාණ විය. (මෙය පොදුවේ හාස්‍යජනක ආකාරයට “අති භයානක ක්ෂුද්‍ර ආක්‍රමණය ලෙස ද ව්‍යවහාර කෙරේ) අද වන විට ‍සමාන්තර නිර්මාණ off-the-shelf, server පන්තියේ අණු සකසු මත පදනම් වී තිබේ. මේ සඳහා උදාහරණ ලෙස Power PC, Itanium X 86-64 ගෙන හැර දැක්විය හැකි අතර, නුතන පරිගණක බොහොමයක් වෙළඳ සකසු මඟින් පිළියෙල වු ඉතා ඉහල තත්වයේ පරිගණක පොකුරක් වන මේවා අභිරුචික අන්තර් සබැඳි මඟින් සංයුග්ම කර ඇත.
අද තිබෙන අක්කර ගණන් විශාල සුපිරි පරිගණකවල බලය ඔබේ පුද්ගලික පරිගණකටය එන දිනය වැඩි ඈතක නොවනු ඇත.
සුපිරි පරිගණකවල ගණන හැකියාව 2011 වර්ෂය අවසන් වනවිට 20 petaflops (පෙටාෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2019 වනවිට 1000 petaflops හෙවත් 1 exaflops (එක්සෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2030 පමණ වනවිට 1000 exaflops හෙවත් 1 zettaflops (සෙටාෆ්ලොප්ස්) දක්වාද දියුණු කිරීමට විද්‍යාඥයින් අපේක්ශා කරයි.

Facebook සමාගමේ සුපරි පරිගණක 

ඔයාගේ Phone එක නැති වුනොත් මොකක්ද කරන්නේ?


ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක් ද, සමහර විටෙක වැදගත් sms පණිවුඩ, Memory card පතක් ඇත්නම් එහි ඇති පින්තූර, වීඩියෝ හෝ ගීත යනාදී දත්ත ද අපේ ජීවිතයේ කොටසක් වී හමාරයි. ඔබේ පුද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුව හොත් කුමක් සිදුවේ දැයි ඔබ සිතුවාද ?
නැවතත් අළුතෙන් ජංගම දුරකථනයක් මිලට ගත හැකි නමුත් ඔබේ නැතිවූ දුරකථනයේ ඇති දුරකථන අංක යනාදී දත්ත නැවත ලබාගත නොහැකියි. මිල කළ නොහැකි එවන් දත්ත සමූහයක් ඔබේ ජංගම දුරකථනයත් සමගම නැති වුවහොත් ඔබ කළ යුත්තේ කුමක් ද ? අස්ථාන ගතවූ ජංගම දුරකථන සොයා ගැනීමට ඔබට සහාය වන්නට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC විශේෂ සේවාවක් දැන් ආරම්භ කර තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයත් අස්ථාන ගත වුවහොත් කලබල නොවී පහත උපදෙස් පිළිපැදීමෙන් ඔබේ දුරකථනය නැවත සොයා ගැනීම සඳහා යම් උත්සාහයක් ගත හැකියි.
සියල්ලටම පළමුව ඔබ විසින් දැන සිටිය යුතු වැදගත්ම කාරණය වන්නේ ඔබේ ජංගම දුරකථනයට අදාල IMEI අංකයයි.

ලෝකයේ නිෂ්පාදනය කෙරෙන සෑම දුරකථන උපාංගයක්ම වෙන වෙනම හඳුනාගැනීම සඳහා IMEI අංකය උපකාරී වේ. ශ‍්‍රී ලංකාව තුළ අළෙවි වන සෑම දුරකථනයකම IMEI අංකයක් තිබීම අනිවාර්යය වන අතර එසේ නොවන ඒවා ව්‍යාජ ජංගම දුරකථන විය හැකියි.
ඔබේ ජංගම දුරකථනයේ IMEI අංකය ලබාගැනීම සඳහා *#06# යන කේතය ඇතුළත් කරන්න. ඒ විගසින් ඔබට එබේ දුරකථනයේ IMEI අංකය දිස්වනු ඇත. මෙම අංකය පහසුවෙන් සොයාගත හැකි තැනක ලියා තබා ගන්න. නැතහොත් පරිගණකයේ හෝ අන්තර්ජාල ගිණුමක save කරගන්න.

ඔබේ ජංගම දුරකථනය හදිසියේම අස්ථාන ගත වූයේ නම් ඔබ එහි ෂඵෑෂ අංකය නොදැන සිටීමට ද ඉඩ ඇත.එවන් අවස්ථාවන් හිදී ඔබේ සිම්පතේ දුරකථන අංකය පරීක්ෂණ කටයුතු සඳහා ලබාදිය හැකියි. අදාල දුරකථන සමාගම වෙතින් TRC  ආයතනය  IMEI අංකය ලබාගනු ඇත.
ඔබේ ජංගම දුරකථනය අස්ථාන ගත වී ඇත්නම්, පළමුව ඔබේ වටපිටාව තුළ හොඳින් විපරම් කර බලන්න. බොහෝ විට ඔබේ ඇස නොගැටෙන මානයකදුරකථනය රැඳී තිබෙන්නට ද පුළුවන.
ඔබේ ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකි ලෙසට අස්ථාන ගත වී ඇත්නම් හෝ, එය සොරකම් කරන ලද බවට ඔබට ස්ථිරවම විශ්වාස නම් ඔබ පළමුව කළ යුත්තේ ඔබේ ප‍්‍රදේශයට අදාල පොලිස් ස්ථානයේ ඒ පිළිබඳව දන්වා පැමිණිල්ලක් ගොනු කිරීමයි. එහිදී ඔබේ දුරකථනය මිලදී ගත් රිසිට් පත්, ඔබේ නමට පැමිණි දුරකථන බිල්, දුරකථනයේ IMEI අංකය හා සිම් පතේ දුරකථන අංකය යනාදිය පොලිසිය වෙත සැපයීම මගින් වඩාත් හොඳින් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට එය සහායක් වන අතරම එමගින් ජංගම දුරකථනයට ඔබේ ඇති අයිතිය ද තහවුරු කළ හැකියි.
ඔබේ ජංගම දුරකථන අංකය රාජකාරී හෝ ව්‍යාපාරික මට්ටමෙන් භාවිතා කල එකක් නම් එය අන්සතු වූ විටෙකදී ඔබේ පෞද්ගලිකත්වයට හා ප‍්‍රතිරූපයට එයින් යම් හානියක් සිදුවිය හැකි බැවින් එම අංකය තාවකාලිකව විසන්ධි කරන ලෙස ඔබේ ජංගම දුරකථන සේවා සැපයුම් සමාගමෙන් ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා ඔබේ නම හා හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
ඔබ ගොනුකල පොලිස් පැමිණිල්ලේ පිටපතක් ද, ඊට අමතරව ඔබේ ජංගම දුරකථනයේ අයිතිය තහවුරු කෙරෙන සියළුම ලිඛිත සාක්ෂි ද සමගින් ඔබේ පැමිණිල්ල ලිඛිතව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව TRC ආයතනය වෙත ඉදිරිපත් කළ යුතුයි. සතියක් වැනි කාලයක් ඇතුළත ඔබට යම් තොරතුරක් ලැබෙනු ඇති. වැඩි විස්තර සඳහා පහත දැක්වෙන දුරකථන අංක භාවිතා කළ හැකියි.

011-2662215, 011-2662216, 011-2662222 (ටෙලිකොම් දුරකථන මගින් ගාස්තුවකින් තොරව ඇමතීමට හැකියි)
* 011-5376159  (ලංකාබෙල් සඳහා ගාස්තු රහිත)
* 011-4514067 (සන්ටෙල් සඳහා ගාස්තු රහිත)
* ක්ෂණික දුරකථන අංකය – 1900



දුරකථන මෙහෙයුම් පද්ධති!


කලකට පෙර දුරකථනයක් මිළදී ගැනීමේදී අප මුලින්ම සොයා බැලූවේ දුරකථනයේ මාදිලිය හා එහි විශේෂාංග පිළිබඳවයි. නමුත් වත්මන් ජංගම දුරකථන
පාරිභෝගිකයන් දුරකථනයක් මිළදී ගැනීමේදී පළමුව විමසන්නේ ජංගම දුරකථනයේ ඇති මෙහෙයුම් පද්ධතිය කුමක් දැයි කියායි. එබැවින් ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට Mobile Phone සඳහා ලොව සුපතල මෙහෙයුම් පද්ධති හෙවත් OS පිළිබඳ මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරන්නට අපි අදහස් කළෙමු.
01. ANDROID
2007 දී google සමාගම මගින් හඳුන්වා දුන් Android මෙහෙයුම් පද්ධතිය දැනට ලොව වැඩිම ජංගම උපාංග ප‍්‍රමාණයක අඩංගු මෙහෙයුම් පද්ධතියයි. මෙය එකවර වැඩ රාශියක් කර ගැනීම හෙවත් Multi Tasking සඳහා නිමවුනු LINUX තාක්‍ෂණය මත පදනම් වූවකි.Android හි ක‍්‍රියා කරන වැඩසටහන් Apps ලෙස හැඳින්වෙන අතර මේ වන විට Android Appි 800,000 ක් පමණ ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. Android මෙහෙයුම් පද්ධතියේ විවිධ සංස්කරණ කීපයක් මේ දක්වා නිකුත් කර ඇත. මෙම සංස්කරණයන් රසවත් කෑම වර්ග වල නම් වලින්, අකරාදී පිළිවෙලට නම් කර ඉදිරිපත් වීම ද මේවා ලොව පුරා ජනප‍්‍රිය වීමට තවත් හේතුවක් බව කිව හැකිය.
Android සංස්කරණ නාම

2. iOS හෙවත් ඇපල් iPhone මෙහෙයුම් පද්ධතිය
2007 වසරේ මුලින්ම මුදාහරින ලද මෙම මෙහෙයුම් පද්ධතිය iPhone හා iPod වැනි ඇපල් අයි උපාංග සඳහා නිර්මාණය වූවකි. මෙහිද ඇප්ස් විශාල ගණනක් ඩවුන්ලෝඩ් කළ හැකි ලෙස පවතින අතර මෙහි නවතම සංස්කරණය 2013 ජුලි මාසයේ ඉදිරිපත් කළ iOS හි 7 වන සංස්කරණයයි.
3. වින්ඩෝස් දුරකථන මෙහෙයුම් පද්ධතිය – Windows Phone OS

මයික්‍රෝසොෆ්ට් සමාගම නිෂ්පාදනය කළ මෙම මෙහෙයුම් පද්ධතිය මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ Pocket PC හෙවත් සාක්කු පරිගණක සඳහාය. 1990 පමණ සිට Microsoft සමාගම කල විවිධ පර්යේෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස ජංගම දුරකථන සඳහා පළමු මෙහෙයුම් පද්ධතිය Windows Mobile ලෙස ඉදිරිපත් කරනු ලදුව පසුව 2008 දී අත්හිටවන ලදී. 2010 දී Microsoft සමාගම Windows Mobile මෙහෙයුම් පද්ධතිය වෙනුවට Windows Phone නමින් නව මෙහෙයුම් පද්ධතියක් එළි දක්වන ලදී. Windows Phone 7 ලෙස 2010 අපේ‍්‍රල් මස එළි දැක්වූ මෙම මෙහෙයුම් පද්ධතියHTC, Dell, LG, Samsung හා Nokia උපාංග බොහොමයක දක්නට ලැබුන අතර මෙහි නවතම සංස්කරණය වන්නේ Windows Phone 8 මෙහෙයුම් පද්ධතියයි. මේ දිනවල නොකියා ලුමියා දුරකථන මාදිලිය සමග මෙම මෙහෙයුම් පද්ධතිය ජනප‍්‍රිය වෙමින් පවතී.
4. BlackBerry OS – RIM සමාගමේ බ්ලැක්බෙරි මෙහෙයුම් පද්ධතිය

Research in Motion හෙවත් RIM සමාගම මගින් නිර්මිත Blackberry මෙහෙයුම් පද්ධතිය ඔවුන් නිපදවූ සියලූම Blackberry ජංගම දුරකථන වල දැකිය හැකි මෙහෙයුම් පද්ධතියයි. අනෙකත් දුරකථන වල අඩංගු නොවන Track wheel, Track Ball, Touch Pad වැනි සුවිශේෂ Blackberry උපාංග සමග ක‍්‍රියා කිරීමට සැකසුනු මෙම මෙහෙයුම් පද්ධතිය තුල අනෙක් මෙහෙයුම් පද්ධති වල අඩංගු නොවන විශේෂ පහසුකම් කීපයක්ම අඩංගුය. Audio interface, Update හා එම මාදිලියේ දුරකථන අතර පමනක් චැට් පණිවුඩ යැවිය හැකි Blackberry Messenger (BBM) මෙයින් කීපයකි. නවතම Blackberry මෙහෙයුම් පද්ධතිය 10 වන අතර එය ඉතා අගනා මෙහෙයුම් පද්ධතියක් බව භාවිතා කරන්නන්ගේ මතයයි.
05. නොකියා සමාගමේ සිම්බ්යන් මෙහෙයුම් පද්ධතිය

බොහෝ Nokia දුරකථන වල හා මුල් කාලයේ Motorolla හා Sony Ericsson වැනි අනෙකුත් මාදිලිවල Smart දුරකථනයන්හී තිබූ මෙහෙයුම් පද්ධතිය වූයේ සිම්බියන්ය. Nokia සමාගම අවසන් වරට සිම්බියන් 3 නම් සංස්කරණයක් ගෙන ආ අතර දැනට නොකියා සමාගම සිම්බියන් මෙහෙයුම් පද්ධතිය ඔවුන්ගේ නවතම ස්මාට් දුරකථන වෙනුවෙන් භාවිතා නොකරයි.


සුපරි Nokia Phone එක Nokia Lumia 925!


Nokia සමාගම තමන්ගේ මුල්ම Windows Phone ජංගම දුරකථන වන Lumia 800 සහ Lumia 710 නිකුත් කළේ 2011 වසරේදී.එතැන් පටන් මේ දක්වා දෑ අවුරුද්දක කාලයක් Windows Phone මෙහෙයුම් පද්ධතිය සහ Nokia සමාගම දිගු ගමණක් පැමිණියා. ඔවුන්ගේ එකතුවෙන් අද තවත් අලුත් ස්මාට් ජංගම දුරකථනයක් නිකුත් වූවා ඒ Nokia Lumia 925.
මෙහි ප්‍රධාන කැමරාව 8.7-megapixel ප්‍රමණයේ එකක්. නොකියා සමාඟම පවසන පරිදි කැමරාව සඳහා ඉතා ඉහල තාක්ෂණයක් භාවිතා කොට තිබෙනවා. අඩු ආලෝක තත්ත්ව යටතේ වඩා හොඳ ඡායාරූප ලබා ගැනීමට මේ නිසා හැකි වනවා.
එමෙන්ම මෙම කැමරාවේ ඇති තවත් විශේෂාංගයක් නම් Nokia Smart Camera පහසුකමයි. මෙමගින් එක අවස්ථාවේ ඡායාරූප 10ක් ගැනීමට හැකි වෙනවා. එයින් හොඳම ඡායාරූපය තෝරා ගැනීමට හෝ සියල්ල එක් කර අපූරු ඇනිමේෂන් එකක් ලෙස සකසා ගැනීමටද පුළුවන්.පහළ තියෙන්නේ මේ Phone එකේ Phone Review එක.



Windows 9 එනත් කලින් Windows 9 Skin Pack එක මෙන්න


මම ගොඩක් වටිනා Skin Pack ගොඩක් ඔයාලට දුන්නානේ.ඉතින් මම Windows 7 වලට හා 8වලට එන ලස්සනම Skin Pack ඒකක් ගෙනාවා.ඉතින් හැබයි මේක බොරු කියලා සමහරු කියයි.එත් මේක නිර්මාණය කරලා තියන්නේ Windows 9 වලට එන්න පුළුවන් කියලා හිතන ඒවත් එක්ක.ඉතින් ඔයාලත් මේක Try කරලා බලන්නකෝ.   

පහළ තියන රූප ටික බලන්න.රූප පොඩි නම් උඩ click කරලා හොදට බලාගන්න.
අන්න ඒ වගේ ලස්සනට ඔයා ගේ computer එක තියාගන්න කැමතිද?මෙන්න ක්‍රමය Skin Pack එක Download කරගන්න පහළ ඇති Download Now යන්න click කරන්න.OS version එකට ගැළපෙන්න Download කරගන්න.
Windows 7 සදහා 
Windows 8 සදහා 

මෙම software එකේ setup download කර install කරනවිට අන්තර්ජාලයට ඔබේ පරිගණකය සම්බන්ද වි තිබිය යුතුයි.තවද මෙය install කර අවසන් වුවිට පරිගණකය auto restart වීමට ඉඩ හරින්න.

ලස්සන වාගේම පට්ට Game එකක් Dishonored.ගහලාම බලන්න එන්නෝ! Dishonored PC Game Free Download For Torrent!


අද මම ඔයාලට කියන්නේ ලස්සන Game එකක් ගැන.ඇත්තටම මම මේ Game එක ගහලා ඉවර කලා!මම කියන්නේ සුපර් Game එක ඇ..මම කියනවට වඩා ඔයාලත් ගහලා බලන්න කෝ!

පහල තියන ඒවා තියනවානම් අනිවා Play කරන්න පුළුවන්!
  • OS: Windows Vista / Windows 7
  • Processor: 3.0 GHz dual core or better
  • Memory: 4 GB system RAM
  • Hard Disk Space: 9 GB
  • Video Card: DirectX 9 compatible with 512 MB video RAM or better (NVIDIA GeForce GTX 460 / ATI Radeon HD 5850)
  • Sound: Windows compatible sound card
මෙතැනින් Torrent File එක බාගන්න!

ආතල් එකට PC එකෙන්ම ගහන්න පට්ටම Game එක Subway Surfers


ඔබ ඉතාම ප්‍රිය කරන Subway Surfers android දුරකතනයෙන් පමණක් play කරන්න පුලුවන් game එකක් බව ඔබ දන්නවා.එහෙත් ඔබ නොසිතු මොහොතක Subway Surfers PC එකෙන් Play කරන්න අවස්ථාවක් ලබාදෙනවා.දෑන් ඔබ ඒ ප්‍රිය කල Subway Surfers PC එකෙන් Play කරන්න ඔබට පුළුවන්. ඉතින් ඔයාලටත් පහළින් Download කරලා ගහන්න පුළුවන්.මේ Game එක Play කරන්න Blue Stack ඕන නෑ.මේ Game එක ගහපු අය දන්නවා කොච්චර ආතල් Gameද කියලා මේ Game එක. :D  
Download කරලා Read Me File එකේ තියන උපදෙස් පිළිපදින්න.
මේ තියෙන්නේ Screen Shot

.

 Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න.

 Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න.
Subway Surfers for PC Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න.

Comment Me එක්ක Comment Photo ලේසියෙන්ම හදමු!


ගොඩක් යාලුවොගේ ඉල්ලීම පරදී අද මම කියන්නේ ඔයාට ඕන විදිහට Facebook Comment Photo හදාගන්න හැටි.මේක හරි ලේසි වැඩක්.මුලින්ම මේ Comment Me Software එක පහළින් මේ Download කරගන්නකෝ.මේක ලාංකීය Software එකක්.ඒවාගේම සුපිරියට හදලා තියනවා.මේක හදලා තියෙන්නේ 
Dileepa Jayawardena කියන වැඩකාරයා ඉතින් ඔයලත් ඒ Software එක්ක Comment Photo හදලා බලන්නකෝ.  


 

අසූහාරදාහක් දේ බදාගන්න නොවෙ බෙදාගන්න

Please wait..20 SecondsCancel